.jpg)
ඉරාජ් වීරරත්න යනු නව පරපුරේ සිටින අති දක්ෂ ගායකයෙක් මෙන්ම දක්ෂ සංගීත අධ්යක්ෂක වරයෙකි...
සංගීත ක්ෂේත්රයට වෙනස්ම අත්දැකීම් රැසක් එක් කරමින් ශ්රී ලංකාවේ සංගීතය ඔහු ජාත්යන්තරයට පවා ගෙන ගියේය...
කෙසේ වෙතත් ඊයේ දිනයේදී ඉරාජ් විවාහ විය එලෙස ඔහු විවාහ වී ඇත්තේ ඔහුගේ අලුත්ම මියුසික් වීඩියෝව වන මනමාලි මියුසික් වීඩියෝව වෙනුවෙන්ය ..
ඉතාමත් අධික වියදමක් දරා නිර්මාණය කර ඇති ඔහුගේ මනමාලි වීඩියෝව එළිදක්වුයේ අලුත්ම ක්රමයකට සහ ප්රේක්ෂකයන් පුදුමයට පත්කරමින් මෙන්ම ගොසිප් වෙබ් අඩවි පවා රවටමින්ය...
එලෙස ඔහු අලුත්ම වීඩියෝව එළිදැක්වීමට පෙර දිනයේදි තම ප්රේක්ෂකයන් ලක්ෂ 3ට අධික සංකයාවක් සිටින ෆේස් බුක් පිටුවට ඔහුගේ විවාහයේ ඡායාරූප නමින් ඡායාරූප 12 ක් එක් කරමින් රසික රසිකාවියන්ට පුදුමයක් මෙන්ම කුතුහලයක් ඇති කරමිනි.
එයින් කැළඹුන ඔහුට ආදරය කළ රසිකාවියන් සැබවින්ම පුදුම වූයේ හිටිහැටියේ මාධ්යයට හොර රහසේ ඉරාජ් විවාහ වීම නිසාය..යුග දිවියට පත් ඉරාජ්ට සුභ පැතුම්න දහස් ගණනක් ලැබූණි. ඒ අතර ලංකාවේ මෙන්ම යුරෝපයේ ද ජනප්රිය ගායක යුගලයක් වන ජයශ්රී ද ඔහුට සුභ පතා තිබුණි.
සියල්ලන්ම සිතුවේ සැබවින්ම ඉරාජ් විවාහ වූ බවයි. ඡායාරූප පළ වීමත් සමග ඉරාජ් විවාහ වූ පුවත අන්තර්ජාලය පුරා සීඝ්රයෙන් පැතිර ගියේ නොසිතු ලෙසිනි...නමුත් ඊයේ රාත්රියේදි ඉරාජ්ගේ විවාහය මියුසික් විඩියෝවක් බවට පත් වීය .
එය නම් මනාළි - ඉරාජ් ඉන්ෆාස් ගේ ගීතයයි. එම ගීතය අන්තර්ජාලයට මුදා හරිනවාත් සමග ඉරාජ් තම ෆේස්බුස් පිටුවට දිව ඇදගෙන සිටින චින්පසියකිගේ ඡායාරුපක්ද එක් කරන ලදි.
කෙසේ වෙතත් මෙම ගීත සදහා වැඩි ප්රචාරණක් ලබා ගැනිම සදහා ඉරාජ්ගේ උපක්රමය නම් ඉතා ආගේ කල යුතු යයි අපට සිතේ...
Manamali - Iraj & Infaas Ft. Janani
Iraj Wedding :) Iraj New Music Video " Manamali " Photoshoot




