Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

සමාගම් අධ්‍යක්ෂට ගිනි අවි පෙන්වා තර්ජනය කරලා...
වෑන් රථයකින් ආ සන්නද්ධ සිවු දෙනෙක්...
රු. ලක්ෂ 70ක් ඒකල දී කොල්ල කයි...

ජාඇල ඒකල පිහිටි පෞද්ගලික ඇඟලූම් ආයතනයක සේවක වැටුප් ගෙවීම සඳහා රැගෙන යමින් තිබූ රුපියල් ලක්‍ෂ 70 ක්‌ සන්නද්ධ මංකොල්ල කණ්‌ඩායමක්‌ විසින් ඊයේ (28 දා) දහවල් 12.55 ට පමණ එම ආයතනය ඉදිරිපිටදීම කොල්ලකා පලාගොස්‌ ඇත.
ජාඇල නගරයේ පෞද්ගලික බැංකුවකින් මෙම මුදල් ලබාගෙන ආයතන අධ්‍යක්‍ෂ නිලධාරියකු විසින් මෝටර් රථයකින් රැගෙන යමින් සිටියදී වෑන් රථයකින් පැමිණි සිව් දෙනෙකුගෙන් සමන්විත මංකොල්ල කණ්‌ඩායමක්‌ මෙම මුදල් කොල්ල කා ඇත.

මුදල් රැගත් මෝටර් රථය පෞද්ගලික ආයතනය අසලට පැමිණි අවස්‌ථාවේ වෑන් රිය හරස්‌කර එම මෝටර් රථය නවත්වා මුදල් භාරව සිටි නිලධාරියාට පිස්‌තෝලයක්‌ පෙන්වා බිය ගන්වා තර්ජනය කර මුදල් බෑගය පැහැරගෙන ක්‍ෂණයකින් පලාගොස්‌ ඇත. කොල්ලකරුවන් පෞද්ගලික ආයතනයේ ආරක්‌ෂක නිලධාරීන්ටද එළියට නොඑන ලෙස තර්ජනය කර මෙම කොල්ලකෑම කර තිබේ.

සිද්ධිය පිළිබඳව ජාඇල පොලිසියට ලැබුණු හදිසි ඇමතුමකට අනුව පොලිසිය එම ස්‌ථානය වෙත යනවිටත් කොල්ලකරුවන් රැගත් වෑන් රිය පලාගොස්‌ තිබූ අතර, සිද්ධිය දුටු ජනතාව ලබාදුන් තොරතුරුවලට අනුව පොලිසිය කොල්ලකරුවන් ගිය මග ඔස්‌සේ හඹා ගොස්‌ ඇත.


කොල්ලකරුවන් රැගත් වාහනය පිළිබඳව තොරතුරු ප්‍රදේශයේ සියලුම පොලිස්‌ ස්‌ථාන වෙත දැනුම් දීමටද පොලිසිය ක්‍රියාකර ඇතත් ඊයේ (28 දා) සවස්‌ වනතුරු ඒ පිළිබඳව තොරතුරු අනාවරණය වී නොතිබූ බව පොලිසිය සඳහන් කළේය.

අදාළ වැටුප් මුදල් පෞද්ගලික ආයතනය වෙත රැගෙන එන බවට නිවැරදි තොරතුරු මංකොල්ලකරුවන්ට ඔත්තුවක්‌ මගින් දැනුම් දී ඇතැයි පොලිසිය සැක කරයි. ඒ අනුව මෙම මුදල් රැගෙන එන බව දන්නා අයකුගේ හෝ කීපදෙනෙකුගේ සහයෝගය මත කොල්ලකරුවන් විසින් සූක්‍ෂම ලෙස මෙම මංකොල්ලය සැළසුම් කර ක්‍රියාත්මක කර ඇතැයි පොලිසිය පවසයි.

බස්‌නාහිර උතුර ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ කණ්‌ඩායම් කිහිපයක්‌ කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්‍ෂණ සිදු කරගෙන යයි.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us