Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

හුනන් සහිත ළමා බිස්කට් විකුණු 'ඩෙල්මේජ්' අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු...

පරිභෝජනයට නුසුදුසු 'ෆාලීස් රස්ක්' අලවි කිරීමේ චෝදනාව මත 'ලංකා ඩෙල්මේජ් ඩිස්ට්‍රිබියුටර්ස්' පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ 07 දෙනෙකුට අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ.

පරිභෝජනයට නුසුදුසු 'ෆාලිස් රස්ක්' ළමා බිස්කට් ආහාරයට ගැනීමෙන් දැරියක සදාකාලික රෝගී භාවයට පත්වීම සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය සහ අදාල දැරියගේ මව වන පී ටී නිශාන්ති රංජනී ප්‍රනාන්දු නැමැත්තියක විසින් ගොනුකළ පැමිණිලි සැලකිල්ලට ගනිමින්, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කපිල දුෂාන්ත එපිටවල මහතා  ඊයේ (06) එම  අධ්‍යක්ෂවරුන්ට  වරෙන්තු නිකුත් කර ඇත.
මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත්තේ ගල්පොත්තපාර නාවල පදිංචි ලක්ෂ්මන් අශෝක වික්‍රමසිංහ, බැද්දගාන පිටකොට්ටේ පදිංචි ටෙරන්ස බෝගහලන්ද, එපිටමුල්ල පාර පිටකොට්ටේ පදිංචි දිල්හාන් එල්මො ඇලොසියස්, බොරැල්ල ගෝතමී පාරේ පදිංචි සුරේන් චරිත, මාලඹේ පොතුඅරාව පාරේ පදිංචි නලීන් නීල් දිනේශ්, පානදුර ෆොන්සේකා පාරේ පදිංචි  රසික දිමුත් සහ කොළඹ 3 ගාලු පාරේ පදිංචි සෝම ශාන්තන් ගනේෂ් නැමති පුද්ගලයින්ට එරෙහිවය.

ලංකා ඩෙල්මේජ් ඩිස්ට්‍රිබියුටර්ස් ප්‍රයිවට් ලිමිටඩ් විසින් ඕමානයෙන් ආනයනය කළ 'ෆාලීස් රස්ක්' ළදරු බිස්කට්  වල හුනකුගේ සත්ව කොටස් හමුවීම සහ  එම බිස්කට් ආහාරයට ගැනීමෙන් මට්ටක්කුලිය ප්‍රදේශයේ දැරියක සදාකාලික රෝගාතුර වීම යන චෝදනා යටතේ මෙම නඩුව ගොනුකර තිබිණ.

මෙම සිද්ධියට අදාල පැමිණිල්ල 2007 වසරේ අප්‍රේල් 19වන දින අංක 70/16 රොද්‍රිගු පෙදෙස මට්ටක්කුලිය ලිපිනයේ පදිංචි නිශාන්ති රංජනී ප්‍රනාන්දු විසින් සිදුකර තිබේ.

මෙම බිස්කට් ආහාරයට ගන්නා විට දැරියගේ වයස මාස 7ක්ව පැවති බවත් මේ ව විට දැරියගේ රුධිරයේ 11.8ක් විෂ ශරීරගතව ඇති බවත් වෛද්‍යවාර්තා වල සදහන්ව ඇති බවට අධිකරණයේදී කරුනු හෙලිවිය.

මෙම සිද්ධිය අදාල සමාගමේ වෙළද නියොජිතයාට දැන්වීමෙන් පසු සමාගමේ නිලධාරිනියක් දැරිය බැලීමට පැමිණ මේ ගැන හෙලි නොකරන ලෙසත් සමාගම වන්දියක් ගෙවීමට සුදානම් බවත් දන්වා ඇතැයි දැරියගේ මව පැමිණිල්ලේ සටහන් කර තිබේ.

නමුත් දිගින් දිගටම දැරියට මළපහ සමග රුධිරය පිටවීම නිසා ඇය බොරැල්ල රිජ්වේ ළමා රෝහලට ඇතුලත් කළ බවත් ඇය සදහන් කර තිබේ.

ලංකා ඩෙල්මේජ් ඩිස්ට්‍රිබියුටර්ස් සමාගම කැසිනෝ ව්‍යාපාරික හා ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් ධම්මික පෙරේරා මහතාට  අයිති සමාගමක් වන අතර එම සමාගම මේ වන විට 'ෆාලීස් රසක්' ආනයනය වෙනත් සමාගමකට පවරා තිබේ.

මේ අනුව මේ වන විට 'ෆාලීස් රස්ක්' බිස්කට් ආනයනය කරනු ලබන්නේ හැරී ජයවර්ධන මහතාට අයත් ස්ටැෆන් ෆුඩ්ස් පුද්ගලික් සමාගම විසිනි.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us