Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

දුම්රිය වෑන් අනතුරින් මිය ගිය ගණන 6 දක්වා ඉහළට..
අනතුර සිදුවූ ස්ථානයේ විරෝධතාවක්..

අලූත්ගම දුම්රිය ස්ථානයට නුදුරින් වූ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී අද (25) රාත්‍රී 7.30ට පමණ වෑන් රථයක් දුම්රියක ගැටීමෙන් මිය ගිය සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ අනතුරෙන් තුවාල ලැබූවන් නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති බවය.මෙම වෑන් රථයේ පුද්ගලයන් දස දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් ගමන් කර ඇත..
මෙම දුම්රිය හරස් මාර්ගය අනාරක්ෂිත ස්ථානයක් වන අතර මීට පෙරත් මෙම ස්ථානයේ සිදු වූ අනතුරු වලින් පුද්ගලයන් රුසක් මිය ගොස් ඇත.

මෙම වෑන් රථය පැදවූ රියදුරාගේ ජීවිතය බේරී තිබෙන බව ආරංචි මාර්ග පවසයි...මෙම අනතුරෙන් මිය ගිය කාන්තාවන් 6 දෙනෙකුගේ මළ සිරුරු මේ වන විට අළුත්ගම රෝහලට ගෙනවිත් තිබෙන බව ආරංචි මාර්ග පවසයි.

අලූත්ගම ඩිපෝ පාර හරහා ඇති දුම්රිය හරස් මාර්ගයේදී මෙලෙස දුම්රියේ ගැටී ඇත්තේ පොසොන් සිරි නැරඹීමට යමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයක්. අනාරක්ෂිත දුම්රිය මාර්ගයේදී මරදානේ සිට හික්කඩුව බලා ධාවනය වූ දුම්රියෙහියි වෑන් රථය ගැටී ඇත්තේ.

දුම්රිය - වෑන් අනතුර සිදුවූ ස්ථානය ආසන්නයේ මේ වනවිට විරෝධතාවක් පැවැත්වේ.පොලිසිය පැවසුවේ මෙම විරෝධතාව නිසා රථ වාහන ධාවනයට බාධා එල්ල වී ඇති බව ය.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us