Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ගුරුවරිය දණ ගැස්සූ  මන්ත්‍රී දොට්ටදායි..

දියණියගේ කොට ගවුම දිගට ඇද ගෙන එන්නැයි උපදෙස් දුන් ගුරුවරිය දණ ගැස්වීම සම්බන්ධයෙන් රිමාන්ඩ් ගතකර සිට වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතා පුත්තලම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් අද (17) යළි ලබන 27 තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

මේ අතර සන්ධාන මන්ත්‍රීවරයා විසින් ප්‍රසිද්ධියේ දණ ගැස්සු නවගත්තේගම නවෝද්‍යා පැසැලේ ගුරිවරියක වන සුසිලා හේරත් මහත්මියට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (17) උදැසන දුරකතන ඇමතුමක් ලබාදී ඇත.

මෙම කාරණය සම්බන්ධයෙන් සාධාරණය ඉෂ්ට කරන බවට ජනාධිපතිවරයා එහිදී පොරොන්දු වී තිබේ.
තවද ජනාධිපතිවරයාගේ උපදෙස් මත වයඹ පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍ය අතුල විජේසිංහ මහතා විසින් ගුරුවරියක දණගැස් වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

එසේම නවගත්තේගම සුසිලා හේරත් ගුරුවරිය දණ ගැස්සූ බව කියන වයඹ  පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතා අදාල ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම්දීමට තීරණය වී තිබේ.

වයඹ පළාතේ ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව අද (17) සවස අරලියගහ මදුරේදී හමුවූ අවස්ථාවේදී මේ තීරණයට එළඹ තිබේ.

එසේම ඔහුට පළාත් සභා මැතිවරණයේදී නාම යෝජනා නොදිමට තීරණය කර ඇතැයි පැවසේ.

අදාල මැති ඇමතිවරුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කරන ඕනෑම අවස්ථාවක වයඹ පළාත් සභාව විසුරුවීමට ද එකගවී ඇතැයි වාර්තා වේ.

මේ අතර, ගුරුවරිය දණ ගැස්වූ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතාට එරෙහිව නවගත්තේගම නවෝද්‍යා පැසැල ඉදිරිපට අද උදැසන උද්ඝෝෂණයක් ඇරඹිණි.

පැසැල් සිසුහුද, ගුරුවරුද, ලංකා ගුරු සංගමයේ නියෝජිතයෝද උද්ඝෝෂණයට එක් වී පළාත් සභා මන්ත්‍රීගේ ක්‍රියාව හෙලා දකිති.පැවති උද්ඝෝෂණයේ මද වෙලාවකට පසුව නවගත්තේගම නවෝද්‍යා පාසැල වසා දැමිණි.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us