Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා නැවත දේශපාලන ගමන අරඹයි..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා නැවත සිය දේශපාලන කටයුතු ආරම්භ කළා. ඒ කොළොන්නාව ආසනයේ සහ කොළඹ දිස්ත‍්‍රික්කයේ බල මණ්ඩල සංවිධායකවරුන් මුණ ගැසෙමින්.

එහිදී මන්තී‍්‍රවරයා කියා සිටියේ තමන් කවදත් දේශපාලනය කළේ අහිංසක අසරණ ජනතාව වෙනුවෙන් බවත් ඉදිරියේදී එම ජනතාව වෙනුවෙන් තම සේවය දෙගුණ තෙගුණ කරන බවයි.
මාස 18 ක නිවාඩුවකින් පසු මන්ත‍්‍රීවරයා හෙට පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීමටද නියමිත යයි ද රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.

ආර්. දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයා සිය දේශපාලන කටයුතු නැවත ආරම්භ කරනු ලැබුවේ නුගේගොඩ පිහිටි ආර්. දුමින්ද සිල්වා පදනම් කාර්යාලයේ සිටයි.

එහි පැමිණි මන්ත‍්‍රීවරයා කොළොන්නාව නගර සභාවේ සහ කොටිකාවත්ත, මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරුන් විසින් පිළිගනු ලැබුවා. උත්සව සභාවේ කටයුතු ආරම්භ කෙරුණේ ආගමික වතාවත්වලින් අනතුරුවයි.

කොළොන්නාව ආසනයේ සහ කොළඹ දිස්ත‍්‍රික්කයේ බල මණ්ඩල සංවිධායකවරුන් විශාල පිරිසක් එම අවස්ථාවට එක්වුණා. එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විශාල කැපකිරීමක් කරමින් තිස් වසරක යුද්ධය වසර 3 කින් නිමකළ බවත් සාමය සහ ස්ථාවරත්වය රට තුළ ගොඩනගමින් දැවැන්ත සංවර්ධන ක‍්‍රියාදාමයක් දියත් කර ඇති බවත්, ජනතා ආශිර්වාදය ඇත්තේ ජනාධිපතිතුමන් ප‍්‍රමුඛ සන්ධාන රජයට බවත් ආර්. දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

අනතුරුව සිය දේශපාලන නායකයා සමග කොළොන්නාවේ ජනතාව දුක සැප බෙදාගත්තේ මෙලෙසයි...
 

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us