
2010 ජනවාරී මස 24 වන දින අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා ප්‍රංශයේ ජීවත්වන බවට අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විසින් පැවසීමත් සමග එම අතුරුදහන්වීම පිළිබඳ ආන්දෝලනයක් මතු විය.
ඔහු කියා සිටියේ ප්‍රංශයේ සංචාරයක නිරතව සිටියදී 2012 ජනවාරී 24 වෙනි දින රාත්‍රියේදී තමන්ගේ යහළුවෙක් වූ මාධ්‍යවේදී මංජුල වෙඩිවර්ධන හමුවීමට ගිය බවත් එම අවස්ථාවේදී මංජුල වෙඩිවර්ධන විසින් ප්‍රගීත් එක්නැලිගොඩ තමන්ට පෙන්වූ බවත්ය.
නමුත් මේ පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දැක්වූ මංජුල වෙඩිවර්ධන පවසා ඇත්තේ අරුන්දික ප්‍රනාන්දු මහතා ආණ්ඩුවේ උගුලක වැටී ඇති බවත් ඔහු පවසන්නේ ප්‍රබන්ධයක් බවත්ය. මන්ත්‍රීවරයා තමන්ගේ පංතියේ යහළුවෙක් නොවෙන බවත් වෙඩිවර්ධන පවසයි.