2013 ආසියා හා ශාන්තිකර බලශක්ති අමාත්‍ය සමුළුවේ උපසභාපති ධුරය සඳහා ශ‍්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි තෝරා පත් කරගෙන තිබෙනවා.
එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ එම සමුළුවේ සභාපති ධුරය සඳහා රුසියානු සමූහාණ්ඩුවේ බලශක්ති අමාත්‍යවරයා වන ඇලෙක්සැන්ඩර් නොවැක් පත් කරගෙන ඇති බවයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ආසියා හා ශාන්තිකර සාමාජීය කොමිසමේ සාමාජික රටවල් 35ක නිලධාරීන්ගේ සහභාගීත්වයෙනුයි පළමුවරට මෙම සමුළුව පසුගියදා රුසියාවේදී පැවැත්වුණේ.
එම සමුළුවේදී විදුලිබල හා බලශක්ති ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි විශේෂ දේශනයක් ද සිදුකළා.