Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ලග්ගල කෝටි එකහමාරක කොල්ලයක්...
හොරු ආවේ වලානේ දූෂණ මර්දනෙන් කියලා..

වලාන දූෂණ මර්දන පොලිස්‌ ඒකකයේ නිලධාරීන් යෑයි කියමින් මාතලේ ලග්ගල ප්‍රදේශයේ කෝටිපති මැණික්‌ ව්‍යාපාරිකයකුගේ නිවසට ඊයේ (13) රාත්‍රී 8.30 ට පමණ කඩාවැදුණු සන්නද්ධ කොල්ල කණ්‌ඩායමක්‌

නිවැසියන්ගේ දැත්වලට මාංචු දමා ඔවුන් සිරකර රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමෙන් යුත් මැණික්‌, රන් ආභරණ සහ මුදල් කොල්ලකාගෙන පලාගොස්‌ ඇත.

මාතලේ, ලග්ගල මොරතැන්න ප්‍රදේශයේ "මුතු මුදලාලි" නමින් ප්‍රසිද්ධ මෙම මැණික්‌ ව්‍යාපාරිකයාගේ නිවසට සන්නද්ධ කොල්ල කණ්‌ඩායම කඩාවැදී ඇත්තේ ඊයේ (13) රාත්‍රී 8.30 ට පමණය.
තමන් පානදුර වලාන දූෂණ මර්දන අංශයේ නිලධාරීන් බවත්, මෙම නිවසේ ගිනි අවි ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් කියමින් සන්නද්ධ පිරිස නිවසේ දොරවල් විවෘත කරගෙන ඇත.පසුව මැණික්‌ ව්‍යාපාරිකයා සිය ග්‍රහණයට ගෙන ඇති සන්නද්ධ පිරිස ඔහුගේ දැත්වලට විලංගු දමා තර්ජනය කරමින් මැණික්‌ සහ මුදල් ඉල්ලා තිබේ.

සිද්ධිය වන අවස්‌ථාවේ ව්‍යාපාරිකයාගේ බිරිඳ සහ කුඩා දරුවන් නිවසේ සිට ඇති අතර සන්නද්ධ පිරිස ඔවුන් කාමරයක සිරකර ඇත.තම දරුවන්ට කරදර කරන බවට තර්ජනය කිරීම නිසා බියට පත් වූ ව්‍යාපාරිකයා නිවසේ තිබූ රුපියල් අසූලක්‍ෂයක මුදල් සහ රුපියල් කෝටියකට වඩා වටිනාකමින් යුත් මැණික්‌ සහ රන් ආභරණ කොල්ලකරුවන්ට ලබා දී තිබේ.

පසුව ව්‍යාපාරිකයා ද නිවසේ කාමරයක සිර කළ සන්නද්ධ පිරිස වෑන් රථයක නැගී පලාගොස්‌ ඇත. පස්‌දෙනකුගෙන් සමන්විත වූ සන්නද්ධ කණ්‌ඩායමේ යුද හමුදා කැලෑ ඇඳුම්වලට සමාන ඇඳුම් ඇඳගත් පුද්ගලයන් දෙදෙනකු ද සිට ඇත. ඔවුන් සියලු දෙනා තරුණ වයසේ පසුවන බව පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි සජීව මැදවත්ත මහතාගේ අධීක්‍ෂණය යටතේ විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් තුනක්‌ යොදවා ඇත.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us