
මීළග හමුදාපති මේජර් ජෙනරාල් දයා රත්නායක...
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය මහතා ජනරාල් පදවියට උසස් කර ඇත.
අද (14) දිනයේ දී වත්මන් යුද හමුදාපති ධුරය දරණ ඔහු අගෝස්තු 1 වන දා සිට කි්රයාත්මක වන පරිදි ආරක්ෂක මාණ්ඩලික ප්රධානී තනතුර ජෙනරාල් ජගත් ජයසූරියට හිමි වන බව ජනාධිපති ප්රකාශක මොහාන් සමරනායක සඳහන් කළා.
කොළඹ රාජකීය විද්යාලයේ දීප්තිමත් ආදි ශිෂ්යයකු වන ජගත් ජයසූරිය මහතා අධ්යාපන කටයුතු වලට මෙන් ම ක්රීඩා වට ද එකසේ දස්කම් දක්වා තිබේ.අනතුරුව ශ්රී ලංකා යුධ හමුදාවට බඳුන හෙතෙම 1980 දී දෙවන ලුතිනන් වරයකු බවට පත් විය.
1981 දී ලුතිනන් ධූරයට උසස් වූ ඔහු 1984 දී කපිතාන් 1988 මේජර් 1989 ලුතිනන් කර්නල්, 2001 කර්නල්, හා 2001 දී බි්රගේඩියර් ධූරවලට උසස් වීම් ලැබීය. ඔහු මේජර් ජෙනරාල් ධූරයට උසස් වූයේ 2009 දී ය.
ජගත් ජයසූරිය මහතා ඔහුගේ වසර 30 කට අධික සේවා කාලයේදී අත්දැකීමෙන් මෙන් ම යුද හමුදාවට අදාළ අධ්යාපනයෙන් ද සන්නද්ධ විය. ඔහු දිනා ඇති ඩිප්ලෝමා, උපාධි, මෙන් ම පශ්චාත් උපාධි වලින් ඒ බව සනාත වෙයි.
වසර 30 ක සිය සේවා කාලයේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහු, "උත්තම සේවා" යුද හමුදා 50 වන සංවත්සරය හේතුවෙන් දීර්ඝ සේවා සන්නද්ධ හේවා, 50 වැනි නිදහස් දේශ පුත්ර උතුරු නැඟෙනහිර කි්රයාන්විත සේවා පූර්ණ භූමි, රිවිරැස ආදී පදක්කම් රැසකින් පිදුම් ලබා ඇත.
2009 ජුනි මස 15 වැනි දින ලුතිනන් ජෙනරාල් නිලයට උසස් වී යුද හමුදාපති ධුරයට පත්වූ ජෙනරාල් ජයසූරිය එම ධුරයේ සේවා කාලය සිව්වසරක් සපිරීමට නියමිතව සිටියදී ජෙනරාල් නිලයට උසස්වීමක් ලැබීය.
අගෝස්තු මස 01 වැනිදා සිට ක්රියාත්මක වන පරිදි නව යුද හමුදාපති ලෙස මේජර් ජෙනරාල් දයා රත්නායක මහතා පත්කිරීමට නියමිත බව ආරංචිමාර්ග සඳහන් කරයි.
මේජර් ජෙනරාල් දයා රත්නායක මහතා දැනට යුද හමුදාවේ සිටින ජ්යෙෂ්ඨතම මේජර් ජෙනරාල්වරයා වන අතර, යුද හමුදා මාණ්ඩලික ප්රධානී ලෙස ද මේ වන විට කටයුතු කරන්නේ දයා රත්නායක මහතාය.
යුද හමුදා මාධ්ය ප්රකාශක ලෙස කටයුතු කළ ඒ මහතා මාධ්ය සමග සුහදව කටයුතු කළේය. රත්නායක මහතා යුද මෙහෙයුම්වලදී සුවිශේෂ දක්ෂතා පෙන්වමින් නැගෙනහිර පළාතේ වාකරේ, වැලිකන්ද සහ තොප්පිගල සටන් විජයග්රහණය කරා මෙහෙයවූ දක්ෂ සටන්කාමී නිලධාරියකු ලෙස ප්රකටය. පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්වරයා ලෙස ද දයා රත්නායක මහතා කලක් කටයුතු කළේය.





