
සංගාගේ 'ආශ්චර්යාත්මක ශතකය' එංගලන්ත පිලේ ප්රසාදයට..
එංගලන්තයේ ඕවල් පිටියේ ඊයේ (13) පැවැති ශූරයන්ගේ කුසලාන තරඟාවලියේ ශ්රී ලංකාව සහ එංගලන්තය අතර තරඟයෙන් ශ්රී ලංකාව කඩුළු හතක විශිෂ්ඨ ජයක් ලබා ගත්තේය.
කාසිය වාසිය දිනූ ශ්රී ලංකා පිල මුලින්ම පන්දුවට පහර දීම එංගලන්ත පිලට පැවරුවේය.
එංගලන්තය ඕවර් 50 දී කඩුළු 07 ක් දැවී ලකුණු 293 ක් ලබා ගන්නට සමත් විය. ජයග්රහණය සඳහා ලකුණු 294 ක ඉලක්කයක් හඹා යාමේ බර කරටගත් ශ්රී ලංකා පිල කඩුළු හතක විශිෂ්ඨ ජයක් ලබා ගන්නට සමත් වූහ.
ශූරයන්ගේ කුසලාන තරඟාවලියේ අවසන් පූර්ව වටයට තෝරා ගැනීමේ මෙම තරඟයෙන් ශ්රී ලංකාව පරාජයට පත්විණි නම් තරඟාවලියෙන් ඉවත් වීමට සිදු වනු ඇත. එහෙත් ශ්රී ලංකා ක්රීඩකයෝ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තුව සාර්ථක ලෙස රැක ගන්නට සමත් වූහ.
කුමාර සංගක්කාර නොදැවී ලකුණු 134 ක්ද, නුවන් කුලසේකර නොදැවී ලකුණු 58 ක්ද ලබා ගනිමින් පන්දුවාර 50 අවසන් වීමට පන්දු 17 ක් ඉතිරිව තිබියදී ජයග්රහණය ලබා ගැනීමට ශ්රී ලංකා පිල සමත් විය.
ලන්ඩනයේ ඕවල් පිටියේදී එංගලන්තයට එරෙහිව පැවැත්වුන චැම්පියන්ස් කුසලාන තරඟයේදී කුමාර් සංගක්කාර වැනි විශිෂ්ට පිතිකරුවකුගේ ආශ්චර්යාත්මක ශතකය හමුවේ ලද පරාජය පිලිබඳ සිත් තැවුලට හේතුවක් නොමැති බව එංගලන්ත පිළේ නායක ඇලිස්ටර් කුක් පවසයි.
තරඟයෙන් අනතුරුව මාධ්යවේදීන් ඇමතූ එංගලන්ත පිළේ නායක ඇලිස්ටර් කුක් කුමාර් සංගක්කාර ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කළ කාර්ය භාරය පිළිබඳව සඳහන් කරමින් කියා සිටියේ..
සමහර අවස්ථාවලදී මෙවැනි අති දක්ෂ ක්රීඩකයකු හමුවේ ලබන පරාජය ගැන එතරම් කම්පා වීමට තරම් හේතුවක් නැහැ.. බවයි.
තරඟය පිලිබඳ ප්රතිචාරය පළ කරන එංගලන්ත පිලේ හිටපු නායක ඇලෙක් ස්ටුවර්ට්
සංගක්කාර සිය විශිෂ්ඨත්වය ප්රදර්ශනය කළ අතරම කණ්ඩායමේ අනෙක් පිතිකරුවන්ද ඔහුට සහාය දෙමින් පිතිහරඹයේ යෙදී සිටි බව පවසා සිටියේය.





