
නියෝජ්ය පොලිස්පති වාස් ගුණවර්ධන ලබන 25තෙක් රිමාන්ඩ්...
දිවිනසාගන්නට අවදානමකුත් තියනවා - නීතීඥයින්...
බම්බලපිටිය කෝටිපති ව්යාපාරිකයාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින බස්නාහිර උතුර නියෝජ්ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා මේ මස 25 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් මොහොමඩ් සහබ්දීන් මහතා නියම කළේය.
ඝාතනය පිළිබඳ නඩු විභාගය අද දහවල් කොළඹ මහේස්ත්රාත් අධිකරණයේදී යළි විභාගයට ගැනුණා.
මේ අවස්ථාවේ සිද්ධිය සම්බන්ධ සැකකාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති වාස් ගුණවර්ධන වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අජිත් පතිරණ අධිකරණයට දන්වා සිටියේ වාස් ගුණවර්ධන මහතා අද උදෑසන හදිසියේ රෝහල්ගත කර සිටින බවයි.
හදිසි රෝගී තත්ත්වයක් යටතේ කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබන නියෝජ්ය පොලිස්පතිවරයා නිරීක්ෂණය සඳහා එහි ගිය මහේස්ත්රාත් සහබ්දීන් මහතා සැකකරු දිගටම විශේෂ බන්ධනාගාර ආරක්ෂාව යටතේ ජාතික රෝහලේ රඳවා තබන ලෙසට ද නියම කළේය.
පාලනය කළ නොහැකි දියවැඩියාව, අධිරුධිර පීඩනය හා හෘද රෝගයෙන් පෙළෙන නියෝජ්ය පොලිස්පතිවරයා අද උදෑසන කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කළ බවට රහස් පොලිසිය අධිකරණයට දැක්වූ කරුණු සළකා බලමින් මහේස්ත්රාත්වරයා සැකකරු පරීක්ෂා කිරීමට කොළඹ ජාතික රෝහල වෙත ගියේය.
අද මෝසමක් මගින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා පවසා සිටියේ පොලිස් රෝහලේ ප්රධාන වෛද්යවරයා සැකකරුගේ ශරීර සෞඛ්ය පරීක්ෂා කරනු ලැබූ බවත් එහිදී මගේ ඇඟට අමාරුවක් දැනෙනවා රෝහලට යන්න ඕනේ කිවූ බවත් එබැවින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවය.
නියෝජ්ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගෙන් තමාටත් තමන්ගේ පවුලේ සාමාජිකයින්ටත් ජිවිත තර්ජන එල්ලවී ඇතැයි රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පවසයි.
සැකකාර නියෝජ්ය පොලිස්පතිවරයාගෙන් ප්රශ්න කර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු අසුන්ගෙන සිටි පුටුව පිටුපසට තල්ලූකර '' මට තේරුණා, උඹලා මේ වැඬේ කරනවා කියා.හැබැයි උඹලාට බැහැ හැමදාම මාව ඇතුලේ තියා ගන්න. ශානි මම මිනීමරුවෙක්. මම එලියට ආපු දවසට බලා ගනිල්ලා උඹලාට කරන දේ.'' කියා තර්ජනය කළ බවද එම වාර්තාවේ සඳහන්වේ.
කෝටිපති ව්යාපාරිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට කුමන්ත්රණය කිරීමේ සිද්ධියේදී වාහන දෙකක්ද අත්අඩංගුවට ගත් අතර ඉන් එකක් කොළඹ අපරාධ කොට්ඨාසයට අයත් කැබ් රථයකි.එහි තිබී අඩි 02 ක් පමණ දිග තංගුස් නූල් දෙකක්, චීත්ත රෙදි කැබැල්ලක් මෙන්ම, කෙස් ගස් දෙකක්ද සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් අනෙක් වාහනය වන වෑන් රථයේ පිටුපස බලන කණ්නාඩියේ තිබී ඇඟිලි සලකුණු දෙකක්ද සොයාගත් බව රහස් පොලිසිය සඳහන් කළේය.කෝටිපති ව්යාපාරික මොහොමඞ් සියාම්ට වෙඩි තබා ඝාතනය කර නිරුවත් කර දොම්පේ ප්රදේශයේ පාළු පෙදෙසක දමා තිබිණ.
මුස්ලිම් ජාතිකයෙකු වන ඔහු මේ ආකාරයෙන් ඝාතනය කිරීමට අපරාධකරුවන්ට අරමුණක් පහළ වූයේ කෙසේද යන්න ප්රබල සැකයක් මතුවන බවද රහස් පොලිසිය අධිකරණය හමුවේ අද සඳහන් කළේය. සැකකරුවන් කළ බව කියන අපරාධ විශාල සංඛ්යාවක් පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇති බවද රහස් පොලිසිය වැඩිදුරටත් ප්රකාශ කර තිබේ.
මේ අතර නීතීඥ අජිත් පතිරණ යළි දන්වා සිටියේ යම්හෙයකින් වාස් ගුණවර්ධන මහතා බන්ධනාගාර ගත කළොත් ඔහු නිසා සිරගතවූවන් රැසක් එහි සිටින නිසා ඔහුගේ ජීවිතයට අවදානම්
තත්වයක් පැවතිය හැකි බවයි.මේ නිසා ඔහු රිමාන්ඩ් නොකරන ලෙස ඉල්ලා සිටියා.
මේ අතර මියගිය අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ කණ්ඩායමක් කියා සිටියේ වාස් ගුණවර්ධන මහතා දිවි නසාගැනීමට තැත් කිරීමේ සිද්ධියක් මින් ඉහත වාර්තාවී ඇති නිසා ඔහු ගැන සැලකිලිමත් වන ලෙසත් ඔහු රිමාන්ඩ් කරන ලෙසත් දන්වා සිටියා.නඩුව යළි මේ මස 25 වැනිදා කැඳවීමට නියමිතය.
මේ සම්බන්ධ පළවුණ දිනමිණ ලිපිය මෙතනින්..




