Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

එල්. ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් 2006 වසරටත් පෙර කොළඹට එවූ බෝම්බ වෑන් රථයක් සොයා මේ දක්වාම ආරක්ෂක බුද්ධි අංශ පරීක්ෂණ පවත්වයි.

පෙට්‍රල් ටැංකියේ බෝම්බයක් අටවා, ව්‍යාජ අංක තහඩු යොදා එවා තිබූ මෙම වෑන් රථය මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී ඇත.

අදාළ වෑන් රථය එකිනෙකා අතට මුදලට විකිණෙන්නට ඇතැයි හමුදා බුද්ධි අංශ සැක පහළ කරයි.
ඒ අනුව දැනට මෙම වෑන් රථය හිමි පුද්ගලයා පවා ඇතැම්විට එම වෑන් රථයේ බෝම්බයක් ඇති බව නොදැන සිටීමට ඉඩකඩ ඇතැයි ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කියා සිටියේය..

කෙසේ වෙතත් අදාළ බෝම්බ වෑන් රථයේ තිබෙන පුපුරණ ද්‍රව්‍ය මේ වන විට බල රහිත වී තිබිමටද ඉඩ ඇති බව හෙතෙම කීවේය. අදාළ වෑන් රථය සම්බන්ධයෙන් කෙරෙන විමසිලිමත්භාවය මේ වනතෙක් අවසන් වී නොමැති බවද හමුදා බුද්ධි අංශ සඳහන් කරයි.

  ‘ඉරිදා ලක්බිම’

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us