
පිහි ඇනුමට ලක්වූ ආචාර්යවරියට සැත්කමක්..
නාවල විවෘත විශ්වවිද්යාලයේ නීති පිඨයේ අංශාධිපතිනි යශෝදරා කදිර්ගාමතම්බි මහත්මියට තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදු කල සිසුවා මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්ය ප්රකාශක පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන මහතා සදහන් කළේය.
විශ්වවිද්යාල පරිශ්රය තුළදී පිහි ඇණුමකට ලක්වූ එම විශ්වවිද්යාලයේ නීති අධ්යයන අංශයේ අංශාධිපතිනිය වන යශෝධරා කදිරගාමර් හදිසි සැත්කමකට භාජනය කර තිබෙනවා.
කොළඹ ජාතික රෝහලේ ප්රකාශකයෙකු සඳහන් කළේ ඇගේ තත්ත්වය බරපතල නොවන බවයි. අද දහවල් විශ්වවිද්යාලයේ මානව ශාස්ත්ර සමාජ විද්යා පීඨයේ පිළිගැනීම් අංශය ඉදිරිපිටදී ඇයට මෙම පිහි ඇණුම සිදුකර තිබුණේ එම විශ්වවිද්යාලයේ නීති උපාධිය හදාරණ වෛද්යවරයෙකු වන යාපනය ප්රදේශයේ පදිංචි ද්රවිඩ ශිෂ්යයෙකු විසින්.
පසුව සැකකාර ශිෂ්යයා පොලිස් අත්අඩංගුවට ගත් අතර ඔහු මේ වනවිට කළුබෝවිල රෝහලේ ප්රතිකාර ලබන්නේ පිහි ඇනුම සිදුකිරීමෙන් පසු කිසියම් පෙති වර්ගයක් පානය කර තිබීම හේතුවෙන්.
නීති විෂය සඳහා ඉදිරිපත් කල ව්යාපෘති වාර්තාවක් නියමිත දිනට භාර නොදීම නිසා අංශාධිපතිනිය එය භාරගැනීම ප්රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම පහර දීම සිදු කර ඇති බව අනාවරණය වී ඇත.
මෙම සිද්ධියත් සමග විශ්වවිද්යාල පරිශ්රය තුළ නොසන්සුන්කාරි තත්ත්වයක් ද ඇතිව තිබෙනවා.




