Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

පට්ටම් ගැලවුණු වාස්ට චෝදනා තුනක් යටතේ නඩු....

වැඩ තහනමට ලක්ව සිටින වාස් ගුණවර්ධන මහතාගේ පොලිස් නිල ඇඳුම් සහ ලාංඡුන යළි ලබාගැනීම සඳහා අද පොලිසිය උත්සහා කළා.

එහෙත් වාස් ගුණවර්ධන මහතාගේ පවුලේ ඥාතීන් විසින් අද දිනයේ පෞද්ගලික වැඩකටයුත්තක් යොදාගෙන තිබූ බව කියමින් ගුණවර්ධන මහතා සතු නියෝජ්‍ය පොලිස්පති නිල ඇඳුම් සහ පොලිස් හැඳුනුම්පත් ඇතුළු රාජකාරී මෙවලම් ලබාදීමට කටයුතු කළේ නැහැ.
මේ නිසා එම නිල ඇඳුම් ලබාගැනීම සඳහා ගිය නිලධාරීන්ට සිය රාජකාරිය සම්පූර්ණ කිරීමට නොහැකි වී තිබෙනවා. මේ අතර වාස් ගුණවර්ධන මහතාගේ නිල රථය පොලිස් රථවාහන අංශය විසින් ඊයේ භාරගනු ලැබුවා.

බම්බලපිටිය ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු පැහැරගැනීම සහ ඝාතනය කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් වාස් ගුණවර්ධන මහතා ඉන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. පසුව වාස් ගුණවර්ධන මහතා වැඩ තහනමට ලක්කළා.

නිල ඇඳුම් ඇතුළු අනෙකුත් උපකරණ ලබාගැනීම සඳහා හෙට දිනයේ යළි පැමිණෙන ලෙස පවුලේ ඥාතීන් විසින් අදාළ පොලිස් නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට චෝදනා 03ක් යටතේ නඩු පැවරීමට අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. බම්බලපිටිය ප‍්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කිරීම ඒවායින් පළමු චෝදනාවයි. එම අපරාධයට ආධාර අනුබල දීම සහ සාක්‍ෂි සැගවීම අනෙක් චෝදනා වනවා.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us