Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභා සභාපති අධිකරණයට භාරවෙයි...

පනාමුර පොලිස් නිළධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති එම් කේ අනිල් මහතා අද උදෑසන ඇඹිලිපිටිය අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව මේ මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔහු එලෙස භාර වී ඇත්තේ පහර දී දින 7කට වැඩි කාලයක් පොලීසිය මඟ හරමින් සිටීමෙන් අනතුරය...
සැකකරු ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත භාර වූයේ ජනාධිපති නීතිඥ රසීක් ෆාරුක් මහතගේ මාර්ගයෙනි.

ඇඹිලිපිටිය දඩුහැතැක්ම ප‍්‍රදේශයේ රාජකාරි කටයුතුවල නිරතවී සිටි පනාමුරේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන මෙම පොලිස් නිලධාරින් දෙදෙනාට මොහු ඇතුළු තවත් පුද්ගලයින් දෙදෙනෙකු පහරදීම සිදුකර තිබුණේ පසුගිය 27 වැනිදාය.

පොලිස් නිලධාරීන්ට දේශපාලනඥයින් පහරදීමේ සිද්ධින් සහ ජනතාවට පොලිසියෙන් සිදුවන හිරිහැර පිළිබද ලැබෙන වාර්තා දිනෙන් දින ඉහළ යමින් පවතී.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us