Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

රුපියල් ලක්‍ෂ 100 කට අධික‍ ලොතරැයි ජයග්‍රහණයක් හිමි කරගත් කැකිරාව ප්‍රදේශයේ පුද්ගලයෙකු අනුරාධපුර ලොතරැයි අලෙවි නි‍යෝජිතවරයෙකුගේ සහයකයෙකුට අපූරු ත්‍යාගයක් ලබා දීමේ පුවතක් අනුරාධපුර නගරයෙන් වාර්තා‍ වේ.

කැකිරාව ප්‍රදේශයේ පදිංචිකරු මීට සති කිහිපයකට ඉහත දී අනුරාධපුර නගරයට පැමිණ ඇති අතර ලොතරැයි අලෙවි අලෙවි සහයකයකුගෙන් ලොතරැයිපත් කිපයක් මිලදී ගෙන ඇත.

එහි දී ඔහුට රුපියල් ලක්‍ෂ 100 කට අධික මුදල් ත්‍යාගයක් හිමි වී තිබේ.
මුදල් ත්‍යාගය ලැබුණු පුද්ගලයා පසුව ලොතරැයි අලෙවි කළ අයට තමන්ට ලොතරැයියකින් විශාල ත්‍යාගයක් ලැබුණු බවත් මුදල ලබාගත් පසු ඊට කෘතගුණ සලකන බව දන්වා ඔහුගේ දුරකථන අංකයද රැගෙන ගොස් ඇත.

ජයග්‍රහණය කළ මුදල් ත්‍යාගය ලබා ගැනීමෙන් අනතුරුව ලොතරැයි වාසනාව හිමි වූ වාසනාවන්තයා ලොතරැයි අලෙවි කළ පුද්ගලයාටත් ඔහුගේ සහෝදරයෙකුටත් කැකිරාව නගරයට පැමිණෙන ලෙස දන්වා ඇත. ඒ අනුව ලොතරැයි අලෙවි සහකරු සහ තවත් අයෙක් කැකිරාව නගරයට ගොස් ඇත.

ලොතරැයි ජයග්‍රහණය හිමි වූ වාසනාවන්තයා ඔවුන් දෙදෙනා හෝටලයකට රැගෙන ගොස් සිසිල් බීම බෝතලයක් සහ දුම්වැටි පහක් ලබා දී සංග්‍රහ කොට ජයග්‍රාහී ටිකට් පත ලබා දුන්නාට ඔවුන්ට ස්තූතිය පළකර ඇත.

රුපියල් 400 කට වැඩි මුදලක් වියදම් කර එදින පැය කීපයක් ලොතරැයි අලෙවියද පසෙක දමා කැකිරාවට ගොස් සිදුවූ මේ ඇබැද්දිය ඔහුගෙන් ලොතරැයි මිලදී ගන්නා පාරිභෝගිකයින්ට පසුගිය දින කීපය පුරාම සිනා උපදවන කරුණක්ව තිබිණි.

බුද්ධික මහේෂ් විජේසූරිය - අනුරාධපුර
-ලක්බිම-

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us