Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

බෝම්බය පුපුරුවා හැරීම පිණිස කටයුතු කිරීමේ චෝදනාවට වැරදිකරුවන් බව විත්තිකරුවෝ පිළිගෙන..

මීට වසර 17 කට ඉහතදී දෙහිවල දී දුම්රියක බෝම්බයක් පුපුරුවා හැරීමේ චෝදනාවට වරද පිළිගත් එල්ටීටීඊ සැකකරුවන් තිදෙනකුට අධිකරණය විසින් බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළේය.

සවරිමුත්තු ලෝගනාදන් සහ ඇන්තනි රොබට් මැක්සීලන් විත්තිකරුවන් දෙදෙනාට බරපතල වැඩ සහිත වසර දහයක සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය, සිත්තිරසේනම් තිරුමගල් විත්තිකාරියට බරපතල වැඩ සහිත වසර පහක සිරදඬුවමක්ද නියම කළේය.
1996 ජූලි 24 වැනි දින දෙහිවල දුම්රිය ස්ථානයේ නවතා තිබූ දුම්රියක බෝම්බයක් පුපුරුවා හැරීමෙන් එහි සිටි මගීන් 66 දෙනකු මියගොස් තවත් 400 කට ආසන්න පිරිසක් තුවාල ලැබූ බව නඩු වාර්තාවේ සඳහන් වේ.

එම බෝම්බය පුපුරුවා හැරීම පිණිස කටයුතු කිරීමේ චෝදනාවට වැරදිකරුවන් බව විත්තිකරුවෝ පිළිගත්හ.

සැකකරුවන් තිදෙනා වසර 17 කට ආසන්න කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි බැවින් ඔවුන්ට ලිහිල් දඬුවමක් පණවන මෙන් විත්ති පාර්ශවයේ නීතිවේදීන් කළ ඉල්ලීමට පැමිණිල්ලේ විරෝධයක් පළ නොවීමෙන් අනතුරුවයි, අධිකරණය එම තීන්දුව ප්‍රකාශයට පත් කළේ.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us