Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය: වාස් ගුණවර්ධන අත්අඩංගුවට

බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ රහස් පොලිසිය මගින් ඊයේ (10) රාත්‍රී නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන ඇත.

කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් මහතාව මැයි මස 22 වැනිදා රාත්‍රී පැහැරගෙන ගොස් හිසට වෙඩිතබා දොම්පේ ප්‍රදේශයේ පාළු ඉඩමක මළසිරුර දමා තිබියදී පොලිසිය එය සොයාගැනීමෙන් පසු පරීක්‍ෂණ ආරම්භ කෙරිණි.
මේ මිනිස් ඝාතනය සම්බන්ධයෙන් පසුගිය 6 වැනිදා නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ පෞද්ගලික ආරක්‍ෂකයින් ලෙස සිටි උප පොලිස් පරීක්‍ෂකවරයකු ඇතුළුව පොලිසියේ සිව්දෙනකු රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර වාස් ගුණවර්ධන මහතාගෙන් ප්‍රශ්න කිරීමද සිදු කෙරිණි.

පසුව වාස් ගුණවර්ධන මහතා සමුළුවකට සහභාගිවීම සඳහා විදේශ ගත වීමෙන් මෙරට පැමිණි පසු ඊයේ රාත්‍රී රහස් පොලිසිය ඒ මහතාව අත්අඩංගුවට ගත් බව එහි ප්‍රකාශකයකු කියා සිටියේය..

මියගිය මොහොමඩ් සියාම් මහතාගේ හවුල්කාර තවත් කෝටිපති ව්‍යාපාරිකයකුගේ රුපියල් ලක්‍ෂ 30ක කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතනය සිදුකළ බවට අනාවරණය වී ඇති අතර, එම කොන්ත්‍රාත්තුව දුන් ව්‍යාපාරිකයා සහ තවත් සැකකරුවකු මේවනවිට රහස් පොලිස් අත්අඩංගුවේ පසුවෙති. පොරොන්දු වූ කොන්ත්‍රාත් මුදලින් රුපියල් ලක්‍ෂ පහක මුදලක් ඝාතකයින් විසින් මේවනවිට ලබාගෙන ඇති බවත් වාර්තාවේ.

පොලීසියේ උසස් නිලධාරීන් හා පහල නිලධාරීන් එක සේ හඳුනන, තවත් නීති විරෝධී ජාවාරම් කටයුතුවලට නම්දරා සිටින පිටකොටුවේ "චුට්ටේ" නම් ව්‍යාපාරිකයෙකු විසින් අදාළ කොන්ත්‍රාත්තුව භාරගෙන තිබේ.

රහස් පොලිසියේ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතාගේ උපදෙස් පරිදි එහි අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගාමිණී මතුරට මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වේ.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us