Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ප්‍රවාහන ඇමැති නිල වාහන 2ම ලියාපදිංචි කර නෑ...

ප්‍රවාහන අමාත්‍යවරයා පාවිච්චියට යොදා ගන්නා පර්ජෝ 407 වර්ගයේ නිල වාහන දෙකම 2008 වර්ෂයේ සිට මේ දක්වා (2013 මැයි 30දා) මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නැත.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අයත් වන්නේද ප්‍රවාහන අමාත්‍යංශයටය. මෝටර් රථ ලියාපදිංචි කළ යුත්තේද එම දෙපාර්තමේන්තුව යටතේය.
මෝටර් රථ ආඥාපනතේ 203 වැනි අධිකාරිය යටතේ මෝටර් වාහනයන් සන්තකයේ ඇති තැනැත්තකු මෝටර් වාහන ලියාපදිංචි කිරීමේ විධිවිධානවලට අදාළව අයිතිකරු වශයෙන් ලියාපදිංචි වී ඇත්නම් මිස කිසිම තැනැත්තකුට මෝටර් වාහනයක් සන්තකයේ තබා ගැනීම හෝ පාවිච්චි කිරීම හෝ නොකළ යුතුය. එසේ කිරීම නීතිවිරෝධීය. ප්‍රවාහන අමාත්‍යවරයාගේ මේ වාහන පාවිච්චිය ගැන තොරතුරු අනාවරණය වන්නේ රජයේ විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ප්‍රවාහන අමාත්‍යංශයේ විගණන වාර්තාවෙනි.

මේ කරුණු ඇතුළත් විගණන වාර්තාව පිළිබඳව 2012 අගෝස්තු මාසයේදී ද රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සාකච්ඡාවටද ඉදිරිපත් කර තිබේ. පර්ජෝ වාහන ආනයනය කරන මෙරට නියෝජිත ආයතනයෙන් රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට (1,70,00,000) 2008 වර්ෂයේ දී මේ වාහන දෙක මිලට ගෙන ඇති බවද එම විගණන වාර්තාවේ දැක්වේ.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us