Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

වෙඩි තබා ඝාතනය කරන ලද කැලණිය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී හසිත මඩවල මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්‍යවශ්‍යව සිටි තවත් සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපළේදී රහස් පොලීසිය මගින් අත්අඩංගුවට  ගෙන තිබේ.

මේ ඝාතන  සිද්ධියේ සැකකරුවෙකු සිට පසුව නිදහස් වූ අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයෙකුගේ පුත‍්‍රයා වන මොහු මෙලෙස අත්අඩංගුවට  ගනු ලැබුවේ විදේශ රටක සිට මෙරට පැමිණි අවස්ථාවේදීය.
මේ සැකකරු හසිත මඩවල ඝාතනයට යොදාගත් පිස්තෝලයේ හිමිකරු බවත් ඔහු විදෙස් ගතවන අවස්ථාවේ තම පියාට එය ලබාදී ගොස් තිබූ බවත් රහස් පොලීස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මේ මිලිමීටර් 9 ගිනි අවිය පිළිබද මේ වන විට පූර්ණ විමර්ශනයක් රහස් පොලීසිය විසින් සිදුකරනු ලබන අතර ගිනි අවිය ලැබුණේ කාගෙන්ද යන්න සොයා බලා ඔවුන්ද අත්අඩංගුවට ගන්නා බව රහස් පොලීස් ආරංචි මාර්ග සදහන් කරයි.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us