අධිකරණයට ඉදිරිපත් කළ වාස් ගුණවර්ධන තවදුරටත් රිමාන්ඩ්
මොහොමඩ් සියාම් ඝාතනය සිදු කර ඇත්තේ ලක්ෂ තිහක කොන්ත්‍රාත්තුවකටලූ..
බම්බලපිටිය ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කළ බව පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ පසුවන කොළඹ උතුරු බාර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු පිරිස
සිදු කළායි සැකකරන තවත් ඝාතන වැළක් පිළිබඳ තොරතුරු හෙළි කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදුකරන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තාවේ.
බම්බලපිටිය ප‍්‍රදේශයේදී කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම් නමැත්තා පැහැරගෙන ගොස් ඝාතනය කරන ලදැයි කියන සිද්ධියකට අදාළව ආරම්භ කළ පරීක්ෂණවලදී තවත්, ඝාතන වැළක් පිළිබඳ තොරතුරු අනාවරණය වෙමින් පවතින බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
එම තොරතුරු සනාථ කර ගැනීම සඳහා බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා සහ ඔහු යටතේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා හා උප පොලිස් පරීක්ෂකවරයා තවදුරටත් රඳවාගෙන ප‍්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගෙන ඇති බවද වාර්තා වේ.
මෙම ඝාතනවලට අදාළව පොලිස් නිලධාරීන්ට අමතරව අත් අඩංගුවට ගනු ලැබූ සාමාන්‍ය වැසියන් දෙදෙනාද කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ඒ.එම්.එම්. සහාබ්දීන් මහතා හමුවට ඉදිරිපත් කරන ලදුව මහේස්ත‍්‍රාත්වරයාගේ නිල මැදිරියේදී ඔවුන් රහසිගතව ප‍්‍රකාශ ලබා දුන්හ.
අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ගේ ප‍්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරුවලට අනුව ඝාතන සඳහා යොදාගත් බවට සැකකරන ගිනි අවි සහ වෑන් රථයක් හා ඩබල් කැබ් රථයක් සොයාගත් බවද වාර්තා වේ. මේ අතර මෙම සිද්ධියට අදාළව සිදුකරන පරීක්ෂණ පිළිබඳ තොරතුරු වැඩිදුර වාර්තාවක් මගින් රහස් පොලිසිය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් උසාවියට දැනුම් දී තිබිණි.
රුපියල් ලක්ෂ තිහක කොන්ත්‍රාත්තුවකට වාස් ගුණවර්ධනගේ මෙහෙයවීම යටතේ පෑලියගොඩ පොලිසියේ සේවය කළ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු හා එහි උප පොලිස් පරික්ෂකවරයෙක් මෙම ඝාතනය මෙහෙයවා තිඛෙන බවට මේ වනවිට රහස් පොලිසිය සැකකරනවා.

මෙම ඝාතනය සිදු කිරීම සඳහා මිනිමැරීමේ කොන්ත්‍රාත්තුව භාර ගත් වාස් ගුණවර්ධනට රුපියල් ලක්ෂ තිහක මුදලක් අදාළ පාර්ශ්වය විසින් ගෙවා ඇතැයි නිල නොවන ආරංචි මාර්ග වාර්තා කර තිබුණා. එම මුදලින් රුපියල් ලක්ෂ හයක පමණ ප්‍රමාණයක් වාස් ගුණවර්ධන විසින් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනාට සහ උප පොලිස් පරික්ෂකවරයාට ලබා දුන් බවත් එහිදී කියැවුණා.
මින් ඉහත වාස් ගුණවර්ධනගේ බිරිය ශ්‍යාමලී ප්‍රියදර්ශනී මාලඹේ ස්ලිට් ආයතනයේ සිසුවෙකුට අමානුෂික වදදීම සම්බන්ධයෙන් චෝදනා ගොනුවී අධිකරණයේ නඩුවකටද පෙනී සිටි අතර ඇය ගැන පසු කලෙක කථාවූයේ වාස් ගුණවර්ධන සමග ගැටලූවක් නිසා ඔහුට වස බොන්නට වීමේ සිද්ධියක් ගැනය.
මේ අතර වාස් ගුණවර්ධන මහතාගේ බිරිඳ ශ්‍යාමලී ප්‍රියදර්ශනී මහත්මිය පවසා සිටින්නේ..මගේ සැමියාගේ ක්‍රියා කලාපය තීරණය කිරීම නීතියට බාරයි. ඔහු වරදක් කර නෑ. ඇත්ත ඇති සැටියෙන්ම හෙළිවෙන්න පුළුවන්.
මගේ සැමියා රාජකාරිය එක දිගටම කරගෙන යද්දී මාධ්‍ය මගින් විශාල ප්‍රසිද්ධියක් ලැබුණා. ඒ නිසා සමහර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ඇස්‌වලට කටු අනිනවා වාගේ මෙන් දැනෙන්න ඇති. මම හිතනවා සැමියාට ඇස් වහ කටවහ වදින්න ඇති කියා. සැමියා වෙනුවෙන් කතා කරන්න මා මේ දිනවල නීතිඥයන් සොයා ගැනීමට වෙහෙසෙනවා ලෙසය