Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

DIG වාස්ගේ බැංකු ගිණුම් ගැන CIDය මහ බැංකුවෙන් තොරතුරු ඉල්ලයි

නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන ප‍්‍රකාශ කළා.

කොළඹ උතුර ප‍්‍රදේශය භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ඔහු බන්ධනාගාර රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.

ඔහු පසුගිය 10 වැනිදා අත්අඩංගුවට ගැනුනේ බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වන මොහොමඞ් සියාම් නැමැත්තා පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කිරීමේ චෝදනාව මතයි
මේ අතර වාස් ගුණවර්ධන මහතාගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය විමර්ශන ඒකකයෙන් වාර්තාවක් කැඳවා තිබෙනවා. මහ බැංකු ආරංචි මාර්ග කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සියලූ සැකකරුවන්ගේ බැංකු ගිණුම් සම්බන්ධ වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන බවයි.

බම්බලපිටිය ප‍්‍රදේශයේ සපත්තු නිෂ්පාදන ව්‍යාපාරිකයෙකු වූ සියාම් නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඉකුත් 10 වනදා රාත‍්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනුණා. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සෙසු සැකකරුවන් 06 දෙනාගෙන් දින 90ක රැඳවුම් නියෝග මත ප‍්‍රශ්න කෙරෙනවා.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us