Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

වසර 4ක් තුළ කටුනායකදී රේගු දැලට හසු වූ විශාලතම හෙරෝයින් තොගය...

පසුගිය වසර 4 ක කාලය තුළ කටුනායක ගුවන් තොටුපලේදි අත්අඩංගුවට ගත් විශාලතම හෙරෝයින් තොගය රේගු මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් අද අත්අඩංගුවට ගනු ලැබිණි.

රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා සඳහන් කළේ කිලෝ ග්‍රෑම් 1 ට අධික හෙරොයින් තොගයක් සමග ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බවය.

යු.එල්.122 ගුවන් යානයෙන් මෙම පුද්ගලයා මෙරටට පැමිණ ඇති බව සඳහන්ය.
මොහුගේ ගමන් මලු පරික්ෂා කිරීමේ දී ඒවායේ තිබී හෙරොයින් සොයාගත් බව ගුවන්තොටුපල රේගුව සඳහන් කළේය.

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 500ක් සොයාගෙන ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට අධික බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ ලෙස්ලි ගාමිණි මහතා සඳහන් කළේය.

2009 වසරේ ජුනි මාසයේ 25 වැනිදා හෙරෝයින් ක්‍රිලෝගෑරෑම් 2 ක් කටුනායක ගුවන්තොටුපලේදි අත්අඩංගුවට ගැනිමෙන් පසුව පසුගිය වසර 4 කාලය තුළ අත්අඩංගුවට ගත් විශාලතම හෙරෝයින් තොගය මෙය බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

රුපියල් 50,000 කොන්ත්‍රාත්තුවක් මත ඔහු එම හෙරෝයින් තොගය ඉන්දියාවේ සිට රැගෙන විත් ඇති බව අනාවරණය වි තිබේ.53 හැවිරිදි එම සැකකරු නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us