Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

සන්ධාන මන්ත්‍රී පුත්‍රයා විදුහල්පතිගේ අත අඹරයි - මන්ත්‍රී පාසලට ඇවිත් සමාව ඉල්ලයි..
මේකා නොසන්ඩාලයෙක් පෙර වැරදිත් තියෙනවා - පොලිසිය..

මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී ආර්.ඒ. අනිල් පුෂ්පානන්ද මහතාගේ පුත්‍රයා වන ආර්.ඒ. නිපුණ මධුසංඛ නැමැති පාසල් සිසුවා විසින් අනුරාධපුර නිවන්තක චේතිය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට පහරදී තිබේ.

අද (18) පෙරවරු 9.30ට පමණ එකී සිසුවා විසින් විදුහල්පතිවරයාගේ අත අඹරා ඇති බව පැවසේ...
සිද්ධිය සැලවූ විගස පාසලට පැමිණ ඇති සන්ධාන මන්ත්‍රීවරයා පුත්‍රයා ලවා විදුහල්පතිවරයා ඇතුළු ගුරු මඩුල්ලට වැඳ සමාව ගන්නා ලෙසට පැවසීමෙන් පසු පුත්‍රයා එසේ කර ඇති බවද හෙතෙම කීවේය.

කෙසේ වෙතත් මෙම සිද්ධිය ගැන විදුහල්පතිවරයා ඇතුළු ඇඳුරු මඩුල්ල දැඩි අප්‍රසාදයෙන් සිටි බවත් මේ නිසා විදුහලේ කටයුතුවලට අද බාධා සිදුව ඇති බවත් පැවසීය.

මෙම වාතාවරණය යටතේ සන්ධාන මන්ත්‍රීවරයා සිය පුත්‍රයා එකී පාසලෙන් ඉවත් කර ගැනීමට පියවර ගත් බවද හෙතෙම කීවේය.

උසස් පෙළ වාණිජ අංශයෙන් අධ්‍යාපනය ලබා ඇති එකී සන්ධාන මන්ත්‍රීවරයාගේ පුත්‍රයා ඇතුළු යහළුවන්ට පාසලට නොපැමිණෙන ලෙසට කර ඇති දැනුවත් කිරීමක් නොසලකා මෙලෙස ඔහු ඇතුළු යහළුවන් පිරිස පාසලට පැමිණීම මීට හේතුව බවද වැඩිදුරටත් පැවසුවේය.


Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us