Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

කොටි සැකකරුවන් නිදහස් කරන්න වාස් ලක්ෂ ගණනින් කප්පම් අරන්...
DIG වාස්ගේ සේවය අත්හිටුවීමට යයි...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින උතුර කොළඹ භාර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා කොළඹ ජාතික රෝහලේ සිට බන්ධනාගාර රෝහලට රැගෙන ගොස් තිබේ..

තවද නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ සේවය අත්හිටුවීම වෙනුවෙන් වන නියෝගයක් පොලිස්පතිවරයා විසින් ආරක්ෂක ලේකම්වරයා වෙත යොමුකොට ඇති බව වාර්තාවේ.
කෙසේ වෙතත් එම නියෝගය බල පැවැත්වෙනු ඇත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබීමෙන් පසුව බව පැවසේ.

කෙසේ වෙතත් රහස් පොලිස් නිලධාරීහු අධිකරණයේ දී කියා තිබුනේ පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධතා පැවැත්වූ කෝටිපති ද්‍රවිඩ ව්‍යාපාරිකයන් අත්අඩංගුවට නොගෙන සිටීමට ඔවුන්ගෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් කප්පම් ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රහස් පොලිසිය පරීක්‍ෂණ පවත්වන බවට අධිකරණයේදී කරුණු අනාවරණයවී ඇත.

බූස්ස කඳවුරේ රඳවා සිටි කොටි ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකොට ඇති වාස් ගුණවර්ධන මහතා එම විමර්ශන අතරතුරදී සිය මිතුරු ව්‍යාපාරික ද්‍රවිඩ ව්‍යාපාරිකයන්ගේ දුරකථන අංක ලබාගෙන තිබේ.

එකී දුරකථන අංකවලට ඇමතුම් ලබා දී ව්‍යාපාරිකයන්ට කතාකොට ඇති බවත්, ත්‍රස්තවාදීන් සමඟ සබඳතා පවත්වන බවට මොවුන්ට දැනුම් දී ඔවුන් බියකර පසුව ඔවුන් අත්අඩංගුවට නොගෙන සිටීමට යැයි පවසා අවස්ථා කිහිපයකදීම කප්පම් වශයෙන් මුදල් ලබාගෙන ඇති බවට අධිකරණයේ කරුණු අනාවරණය විය.

නාඳුනන ද්‍රවිඩ පුද්ගලයින්ගේ දුරකථන අංක ලබාගෙන ඇති නියෝජ්‍ය පොලිස්පතිවරයා ඔවුන්ගේ නම්වලින් කතාකොට එල්. ටී. ටී. ඊ. සංවිධානය සමඟ සබඳතා පවත්වන බවට තමාට කරුණු අනාවරණය වී ඇති බව පවසා අත්අඩංගුවට නොගෙන සිටීමට නම් කප්පම් මුදල් අවශ්‍ය බවට තර්ජනය කොට බියගන්වා කප්පම් මුදල් රැසක් ලබාගත් බවට එම සාක්‍ෂිවලදී කරුණු අනාවරණය වී ඇත.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us