.jpg)
වත්මන් යුද හමුදාපතිවරයා සහ ගුවන් හමුදාපතිවරයා විසින් වත්තම් කරගනිමින් පඩිපෙළ බස්සවමින් උත්සව භූමිය වෙත රැගෙන යන අයුරු.
කෙසේ නමුත් දුමින්ද සිල්වා මහතා පවසා තිබුනේ තමන් නිරෝගී සුවයෙන් යහපත් සෞඛ්යතත්වයෙන් සිටින බැවින් නැවතත් සුපුරුදු දේශපාලන කටයුතු වල නිරතවන බවයි.
දුමින්ද නොමැරී බේරුණු රහස හෙළි කරයි....
පසුගිය සතියේ දිනෙක පාර්ලිමේන්තු කොරිඩෝවේ කතා බහ කරමින් සිටි මැති ඇමතිවරුන් පිරිසකි.
ජොන්ස්ටන් ප්රනාන්දු, ගුණරත්න වීරකෝන්, ජගත් පුෂ්පකුමාර, නෙරන්ජන් වික්රමසිංහ, වික්ටර් ඇන්තනී, අරුන්දික ප්රනාන්දු, තාරානාත් බස්නායක ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් සහ ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ, සනත් ගුණතිලක අයද එහි වූහ.
ඔවුන් කතා බහ කරමින් සිටින්දී එතනින් යන්නට ආවේ පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වා ඇතුළු තවත් මන්ත්රීවරුන් කිහිප දෙනෙකි.
‘කොහොමද දුමින්ද දැන් ඔයාට හොඳටම හොඳද?’ පිරිස අතර සිටි ඇමතිවරයෙක් දුමින්දගෙන් ඇසීය.
‘ඔවු ඇමතිතුමා දැන් හොඳයි. එත් තව ටික කාලයක් වෛද්ය උපදෙස් ගන්න වෙනවා’ දිමින්ද කීය.
‘ඇත්තටම ඔයාගේ ජීවිතය බේරුණ එක ගැන හරි පුදුමයි’ ඒ අරුන්දික ප්රනාන්දුය.
‘ඇත්තටම ඒක ගැන නම් හැමෝම කියනවා. ඔහොම වෙඩි වැදිලා බේරුණා කියන්නේ හාස්කමක්’ අනුමත කිරීම කුමාරසිරි හෙට්ටිගේගෙනි.
‘මං වෙඩි වැදිලා හොස්පිටල් ගෙනිච්ච වෙලාවෙ ලේ ගැලීම නතර කරගන්න පුළුවන් වෙලා තියෙන්නෙ එක්සත් ජාතික පක්ෂයෙ මන්ත්රී රුවන් විජේවර්ධන මන්ත්රීතුමා එයගෙ අම්මගෙ සර්ජරි එකකට ගෙනාපු බෙහෙතක් ගන්න පුළුවන් වෙච්චි නිසා කියල දැනගන්න ලැබුණා.
ඒක නැති වුණා නම් ඉතින් ඉවරයි තමයි’ මන්ත්රී දුමින්ද සිල්වා කිසිවකු නොදැන සිටි රහසක් එළි කරමින් පිළිතුරු දුන්නේය.





.jpg)