Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

පොළොව යට විනිවිද පෙනෙන ස්කෑන් යන්ත්‍රයක් සමඟ තරුණයෝ දෙදෙනෙක් අත්අඩංගුවට....
නිදන් වස්තු කොල්ලකෑමේ ව්‍යාපාරයක් දැයි සැකයක්

අඩි සියයකට යට පොලව ගර්භයේ ඇති දෑ දැකීමටත් හඳුනා ගැනීමටත් හැකි ස්කෑන් යන්ත්‍රයක් රහසේ ප්‍රවාහනය කරමින් සිටි තරුණයන් දෙදෙනෙක් පිටකොටුවේ දී විශේෂ කාර්ය බළකාය මගින් පෙරේදා (30) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.

ඇමරිකා එක්සත් ජනපදයෙන් මෙරටට ගෙනා බව කියන මේ යන්ත්‍රය උපයෝගීකරගෙන පොළව අභ්‍යන්තරයේ නිධන් වස්තු සොයාගත හැකි තාක්ෂණය ඇති බව හඳුනා ගෙන තිබේ.
මේ යන්ත්‍රය සමඟ අත්අඩංගුවට ගත් සැකකාර තරුණයන් දෙදෙනා කන්තලේ හා කඩවත ප්‍රදේශවල පදිංචිකරුවන් බව විශේෂ කාර්ය බළකාය පැවසීය.ඇමරිකාවේ සිටින මොවුන්ගේ හිතවතෙකු යන්ත්‍රය මෙරටට එවූ බව සැකකරුවන් ප්‍රශ්න කිරීමේ දී පවසා තිබේ.

ආරක්ෂක අංශ සැකකටයුතු පුද්ගලයන්ගේ සිරුර පරීක්ෂා කිරීමට භාවිතා කරන කුඩා යන්ත්‍රය වැනි මේ ස්කෑන් යන්ත්‍රය සමඟ ලැප්ටොප් යන්ත්‍රයක්,පෙන්ඩ්‍රයිව් එකක් හා ජංගම දුරකථන දෙකක් සැකකරුවන් ලඟ තිබී සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ භාණ්ඩ වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බරෙ දී තිබේ.


-Dinamina-

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us