Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

මාත‍ලේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියන් ගණිකා වෘත්තියේ යෙදෙන බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් අධ්‍යාපන අමාත්‍යංශය ආරම්භ කර ඇත.

මෙම චෝදනා බරපතළ චෝදනා වන හෙයින් මේ පිළිබඳ ගැඹුරින් සොයා බලන බවද දැනටමත් එම පාස‍ලේ විදුහල්පතිනියගෙන් නියෝජ්‍ය විදුහල්පතිනියගෙන් මෙන්ම ගුරුවරුන්ගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇති බවද අධ්‍යාපන අමාත්‍යංශයේ ‍ලේකම් ගෝඨාභය ජයරත්න මහතා පැවැසීය.

අධ්‍යාපන අමාත්‍යංශයේ පරීක්ෂණ කණ්ඩායම කිහිප අවස්ථාවකදී එම ප්‍රදේශයට ගොස් සාක්ෂි සටහන් කර ගත් බවත් කඩිනමින් පරීක්ෂණ කටයුතු අවසන් කරන බවත් ඔහු පැවැසුවේය.
මේ වන තෙක් කිසිදු ගුරුවරයෙකුගේ වැඩ තහනම් කර නොමැති බවද චෝදනා ඔප්පු වුවහොත් දැඩි විනයානුකූල පියවර ගන්නා බව ඔහු සඳහන් කරයි.

ගුරු වෘත්තිය වෘත්තික භාවයකින් යුතුව පවත්වාගෙන යා යුතු බවද ඒ සඳහා වන පියවර අධ්‍යාපන අමාත්‍යංශය විසින් ගනිමින් සිටින බවද ‍ලේකම්වරයා කීවේය.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us