Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

රන්ටැඹේ පුහුණුවේදී විදුහල්පති මරුට...
කර්නල් පුහුණුව වහා නතර කළ යුතුයි...

රන්ටැඹේ කඳවුරේ කර්නල් පුහුණුව ලබමින් සිටි රද්දොළුගම පඤ්ඤානන්ද ජාතික පාසලේ විදුහල්පති ඩබ්ලිව්.ඒ.එස්. වික්‍රමසිංහ මහතා (30) උදෑසන හදිසියේ මියගොස් ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

හෘදයාබාධයක් නිසා ඔහු මියගොස් ඇති බව අනාවරණය වී ඇතත් පාසල් පද්ධතියට කිසිදු ඵලදායිතාවක් නැති මෙම කර්නල් පුහුණුව වහා නතර කළ යුතු බව හෙතෙම අවධාරණය කරයි.
සෑම විදුහලකම විදුහල්පතිවරයෙකු වයස 40, 50 පැන්න අය බැවින් ඔවුන් කර්නල් පුහුණුව සඳහා කිසිදු ශාරිරික යෝග්‍යතාවයකින් තොරව යොදා ගැනීම මෙවැනි සිද්ධියකදී බරපතළ කරුණක් බව ඔහු පෙන්වාදෙයි.

තවත් කාලයක් පාසල් පද්ධතියට විශාල සේවයක් කළ හැකිව තිබු රටට වටිනා විදුහල්පතිවරයෙකු එසේ මියයාම ගැන පුළුල් පරීක්ෂණයක් ‍පැවැත්විය යුතු අතරම මෙම කර්නල් පුහුණුව වහාම නතර කළ යුතු බවද ගුරු සංගමයක් ලෙස එය දැඩිව අවධාරණය කරන බවද හෙතෙම පවසයි.

මීට දින 3ට ඉහතදී රන්ටැඹේ කඳවුරේ මාසයක පුහුණුවක් සඳහා ගිය 52 හැවිරිදි වියේ පසුවු එම විදුහල්පතිවරයා (30) උදෑසන ක්‍රිඩාංගණයේ ශාරිරික ව්‍යායාම සඳහා සුදානම් වෙමින් සිටියදී ඇති වූ රෝගී තත්ත්වයකින් එසේ මියගොස් ඇති වග දැන ගන්නට ලැබුණු බව ජෝසප් ස්ටාලින් මහතා වැඩිදුරටත් පැවසීය.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us