Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

විශාලතම වැට් බදු වංචාවට පී.බී.ට සිතාසි...

ලංකා ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාව ලෙස සැලකෙන රුපියල් කෝටි 400 ක වැට් බදු වංචාව සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා මේ මස 23 වැනිදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතාට කොළඹ මහාධිකරණය සිතාසි නිකුත් කරයි.

ඒ පිළිබඳ නඩුව අද කැඳවූ අවස්ථාවේදී කොළඹ මහ අධිකරණ විනිසුරු කුමුදුණී වික්‍රමසිංහ මහත්මිය දැනුම් දුන්නේ ලබන 23 වැනි දින මුදල් අමාත්‍යංශ ලේකම්වරයා අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවයි....
මීට අමතරව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයාට ද එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කර තිබේ.රුපියල් කෝටි 400 ට ආසන්න වැට් බදු වංචාවක් සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු නියෝජ්‍ය ආදායම් බදු කොමසාරිස් ආනන්ද අඹේපිටිය අද අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

ලංකා ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාව ලෙස සැලකෙන මෙම රුපියල් කෝටි 400 ක වැට් බදු වංචාවේ ප්‍රධාන සැකකරු වන හිටපු නියෝජ්‍ය ආදායම්බදු කොමසාරිස් ආනන්ද අඹේපිටිය පසුගිය අප්‍රේල් 30 වනදා මූල්‍ය වංචාවට පමණක් වරද පිළිගත් අතර ඒ අනුව ඔහුට නගා තිබූ සියළු සෙසු අධිචෝදනා නීතිපතිවරයා විසින් ඉවත් කර ගනිමින් අවසානයේ දී කොළඹ මහාධිකරණය විසින් සැකකරුට රුපියල් ලක්ෂ 50 ක දඩයක් සහ මාස 14 ක ලිහිල් සිර දඬුවමක් ද නියම කිරීම කෙරිණ.

මෙම වංචාව සිදුව තිබුනේ අපනයන කරුවන්ට ගෙවූ වැට් බදු ආපසු ගෙවීමේ ක්‍රම වේදයක් යටතේ ව්‍යාජ ලෙස ලියාපදිංචි කළ සමාගම් 14 කට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ආපසු මුදල් ගෙවීම මගිනි. අදාළ වංචාවේ වැට් බදු අංශ ප්‍රධානියාව සිටි ඒ.ඒ. විජේපාල මහතාට බරපතල චෝදනා එල්ල වී තිබුණ ද ඔහුට එරෙහිව චෝදනා ගොණු කිරීම සිදු නොවීම ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුව විජේපාල මහතා දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා ලෙස පත් කිරීම ද සැකයට තුඩු දෙන බව ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම වැට් බදු ආපසු ගෙවීමට වංචාවට ලක් වූ මුදල ආපසු ගෙවීම සඳහා එවක මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ලෙස දේශීය ආදායම් බදු කොමසාරිස් ජෙනරාල්ට අවසර ලබා දී තිබුණේ ආචාර්ය පීබී ජයසුන්දර මහතා විසින් බවටද පසුව මාධ්‍යය වාර්තා කර තිබිණ.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us