
ක‍්‍රීඩකයාගේ ගුවන් වික‍්‍රමය ගැන පරීක්ෂණ...
ශ‍්‍රී ලංකා ඒ කණ්ඩායමේ ක‍්‍රීඩකයෙකු වන රමිත් රඹුක්වැල්ල බි‍්‍රතාන්‍ය ගුවන් සේවයට අයත් යානායක් තුල බීමත්ව කළහකාරී ලෙස හැසිරුණු බව විදෙස් පුවත් සේවා වාර්තා පවසනවා.
බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලට අයත් ශාන්ත ලූසියා හී සිට ලන්ඩනය දක්වා ගමන්ගත් බෝයින් 777 යානාවක් තුළ ඔහු මෙලෙස හැසිරුණු බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.
ගුවන් යානයේ කුටියක දොරක් විවෘත කර වැසිකිලියක් ලෙස භාවිතා කිරීමට අවස්ථා කිහිපයක්ම උත්සහ දැරූ බවයි යානාවේ සිටි මගීන් ප‍්‍රකාශ කර ඇත්තේ. එම අවස්ථාවේ ගුවන් යානය අත්ලාන්තික් සාගරයට අඩි 35000ක් පමණ ඉහළින් පියාසර කරමින් තිබුණු අතර මගීන් 229 දෙනෙකු එහි රැදී සිට තිබෙනවා.
රමිත් රඹුක්වැල්ල පසුගියදා නිමාවූ කොදෙව් තරගාවලියට එක් වූ ශ‍්‍රී ලංකා ඒ කණ්ඩායම නියෝජනය කළ බවද දැක්වෙනවා.එලෙස බීමත්ව ඉහළ අහසේ දී මගී ගුවන් යානයක දොර විවෘත කිරීමට උත්සාහ කළ බවට වාර්තා වන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ අනුව එම කණ්ඩායමේ කළමනාකරුගේ වාර්තාව පදනම් කරගනිමින් මෙම පරීක්ෂණය සිදුකරන බවයි ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. සිදුකරන පරීක්ෂණයේදී අදාල ක‍්‍රීඩකයා වරදකරු බවට තීරණය වුවහොත් ඔහුට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගන්නා බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් තොටුපළ ආරක්ෂකයන් දැනුවත් කළ ද පොලීසිය කැදවීමක් සිදුනොකළ බවයි බි‍්‍රටිෂ් එයාර්වේස් ගුවන් සේවය ප‍්‍රකාශ කළේ. මෙය සුළු සිද්ධියක් ලෙස හැදින්වූ ගුවන් සේවයේ ප‍්‍රකාශකයා තවදුරටත් කියා සිටියේ ගුවන් යානයේ පිටුපස දොර ඉහළ අහසේ දී එලෙස විවෘත කිරීම අතිශය දුෂ්කර බවයි.
ගුවන් යානයේ වැසිකිලිය යැයි සිතා තමන් පිටුපස දොර විවෘත කිරීමට උත්සාහ කළ බවයි එම ක‍්‍රීඩකයා පවසා ඇත්තේ.




