Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

අමෙරිකාවේ පළකෙරෙන ටයිම් සඟරාවේ ජුලි මස කලාපය මියන්මාරය විසින් ද තහනම් කර තිබෙනවා.

ඒ අනුව එම කලාපයේ කිසිඳු පිටපතක් සන්තකයේ තබා ගැනීම බෙදා හැරිම හෝ අලෙවි කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් වන බවයි මියන්මාර ආණ්ඩුව උපුටා දක්වමින් ඉලෙවන් මියන්මාර් වෙබ් අඩවිය කියා සිටියේ.

ටයිම් සඟරාවේ ජුලි මස කලාපය ශ‍්‍රී ලංකාවට මුදා හැරීම ද අත්හිටුවා තිබෙනවා.
රේගු ප‍්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා පැවසුවේ ශ‍්‍රී ලංකාවට එවා තිබෙන එම  කලාපයේ සියලූ පිටපත් කටුනායක ගුවන් තොටුපළේ දී රඳවා ගත් බවයි.

එහි මුල් කවරයේ සහ ඇතුලත ලිපියකින් ආගමික නොසන්සුන්තායක් ඇතිවිය හැකි බවට සැකපල වීම ඊට හේතුව ලෙස ප‍්‍රකාශ කෙරුණා. මියන්මාරයේ ක‍්‍රියාත්මක ‘‘ බුඩිස්ට් නයින් සික්සිටි නයින් ’’ සංවිධානයේ නිර්මාතෘ වියාතු හිමියන්ගේ ඡායරූපයක් ද ‘‘  ද ෆේස් ඔෆ් බුඩිස්ට් ටෙර ’’ හෙවත් බෞද්ධ ත‍්‍රස්තවාදයේ මුහුණුවර නම් වැකියක් ද මුල් කවරයේ ඇතුලත්.

ඊට අදාලව ඇතුල් පිටුවක පළකර තිබෙන ලිපියකින් දැක්වෙන්නේ ‘‘ බුඩිස්ට් නයින් සික්සිටි නයින් ’’ සංවිධානයක් ශ‍්‍රී ලංකාවේ බොදුබල සේනා ඇතුළු ඇතැම් බෞද්ධ සංවිධානත් බොහෝදුරට සමාන බවයි. ‘‘ බුඩිස්ට් නයින් සික්සිටි නයින් ’’ සංවිධානය මියන්මාරය පුරා මුස්ලිම් විරෝධයක් වපුරා ඇතැයි ද එහි දක්වා තිබෙනවා.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us