Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

මාළිගාවත්ත ප‍්‍රදේශය කේන්ද්‍ර කරගත් ප්‍රබල පාතාල නායකයෙකු වූ මාමස්මි කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව අසළ ප‍්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්ව තිබේ.

සැකකරු අත්අඩංගුවට ගෙන ජීප් රථයක නංවාගෙන යන අතර තුර ඔහු රථය පැද වූ නිලධාරියාගේ ගෙල සිර කිරීමට උත්සහ දරා ඇති අතර රථයේ පිටුපස සිටි විශේෂ කාර්ය බලකා සෙබලෙකු විසින්කල වෙඩි තැබීමකදී සැකකරු ජීවිතක්‍ෂයට පත්ව තිබේ.
මාමස්මි සතුව තිබූ බව කියන තවත් ගිනිඅවි සෙවීම සඳහා යමින් සිටියදී සැකකරු රියදුරුගේ ගෙල සිරකර ඇති අතර එහිදී මෙම වෙඩි තැබීම සිදුව තිබේ.සිදධියෙන් තුවාල ලැබූ ජීප් රථයේ රියදුරු තුවාල ලබා ඇති අතර ඔහු රෝහල්ගතකර ඇති ජීප් රථය මාරගයෙන් ඉවතට පැන ගසක ගැටී ඇති තිබේ.ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මුළු ශරීරයම ආවරණය වන ගැහැණු ඇඳුමක් තුල සැඟවී සිට ඇතැයිද පැවසේ.

2000 වසරේ කොළඹ මුස්ලිම් පාතාලයේ ප්‍රධානියා වූ අයුබ්ඛාන් නැමැත්තාගේ සේවකයෙකු ලෙස මාමාස්ගේ පාතාල ගමන ඇරඹි ඇත. අයුබ්ඛාන්ගේ මරණයෙන් පසු අනුපිළිවෙලට සිටි පුද්ගලයින් මුස්ලිම් පාතාලය පවත්වාගෙන ගිය අතර ඒ සියලුදෙනා සමඟ මාමස් පාතාල කටයුතුවල යෙදී ඇත.ඔවුන්ද පොලිසියෙන් විටින්විට මැරුම් කෑ අතර අවසානයේ මුස්ලිම් පාතාලයේ නායක කිරුළ මාමාස්ට හිමි විය.

මීට ස්වල්ප කළකට පෙර මාලිගාවත්ත ප්‍රදේශයේ දී පොලිසිය විසින් මාමාස් වටලා වෙඩි තැබූ අවස්ථාවේ කොළඹ නාගරික මන්ත්‍රීවරයකුට සහ මාමාස්ගේ ඥාතියකුට වෙඩි වැදුණි. නමුත් මාමාස් බේරී පළා ගියේය.මුස්ලිම් කාන්තාවන් අඳින ආකාරයට ඇස් පමණක් පෙනෙන සේ මුළු සිරුර වැසෙන ඇඳුමින් සැරසී සමාජය තුළ ගැවසීම මාමාස් ගේ සිරිත වූ නිසා ඔහු හඳුනා ගන්නට පොලිසියට නොහැකි විය. තවත් අවස්ථාවලදී වෙනත් නම් වලට සෑදූ හොර පාස්පෝට්වලින් මොහු මෙරටින් පැන ගොස් එතෙර නැවතී සිටියේය.

ඊයේ රාත්‍රී මෙම පාතාල නායකයා විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන දෑතට මාංචු දමා රැගෙන එමින් සිට ඇත. එහිදී මොහු එක්වරම මාංචු දැමූ සිය දෑත රියදුරාගේ ගෙළ වටා දමා ඔහු මරා දමන්නට උත්සාහ කළ බවත් එම අවස්ථාවේදී එස්.ටී.එෆ්. රියදුරාගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් රථයේ සිටි එස්.ටී.එෆ් නිලධාරින් මාමාස්ට වෙඩි තබා ඇති බවත් පොලිසිය කියයි.මේ වනවිට විශේෂ කාර්ය බලකායට අයත් ඩිෆෙන්ඩරය හා එම මළ සිරුර කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව පිටුපස මාර්ගයේ තිබේ.


Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us