Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

තමන් සමග පළා යාමට නොපැමිණියහොත් නිරුවත් ඡායාරුප අන්තර්ජාලයට මුදා හැර චරිතය අවමානයට පත් කරන බවට පාසල් ගුරුවරියකට තර්ජනය කළැයි කියන ගුවන් හමුදා නිලධාරියා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ, කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (04) වරෙන්තු නිකුත් කළේය.

මෙම පාසල් ගුරුවරියගේ වයස අවුදුරු 21 කි. ඇය කොළඹ පාසලක ගුරුවරියකි. මීට මාසයකට පමණ පෙර ඇය විවාහ වී තිබේ. සැකකාර ගුවන් හමුදා නිලධාරියා මෙම ගුරුවරියට හමු වී තිබෙන්නේ කොළඹ ප්‍රදේශයේ දී බව කොම්පඤ්ඤවීදිය පොලිසිය උසාවියට වාර්තා කර තිබේ.
මොවුන් දෙදෙනා කාලයක් කිට්ටුවෙන් ඇසුරු කර තිබෙන අතර එක් අවස්ථාවකදී ගුවන් හමුදා නිලධාරියා පාසල් ගුරුවරිය සිය වසගයට ගෙන ඇගේ නිරුවත් ඡායාරූප රැසක් ලබා ගෙන තිබෙන බව කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසයි.

පසුගිය මාසයේ විවාහයෙන් පසු ගුවන් හමුදා නිලධාරියා තමන්ට විවාහය අතහැර ඔහු සමග පළා යාමට පැමිණෙන ලෙසට බල කරන බවත්, එසේ නොකළහොත් නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හැර ඇයගේ චරිතය අවමානයට පත් කරන බවට තර්ජනය කරන බවත් පවසමින් මෙම පාසල් ගුරුවරිය කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.

එම පැමිණිල්ල අනුව කොටුව උසාවියට සිද්ධිය වාර්තා කළ කොම්පඤ්ඤවීදිය පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙස ඊයේ (04) ඉල්ලා සිටියේය.

කොටුව මහේස්ත්‍රාත්වරයා සැකකරු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළේ ඉන් පසුවය. මොවුන් දෙදෙනා අතරේ සිදුවූ දුරකථන සංවාදවලට අයත් විස්තර වාර්තාවක්ද උසාවියට ‍ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා කොම්පඤ්ඤවීදිය පොලිසියට වැඩිදුරටත් නියෝග කළේය.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us