Jun
18

බැදපු මීයෙක්
ලොව සුපතල කේ.එෆ්.සී. ආහාර නිෂ්පාදන ජාලයේ ඇමරිකානු අවන්හලකින් ලබාගත් ආහාර වේලක බැදපු චිකන් වෙනුවට බැදපු මීයෙකු සිටීම නිසා අන්තර්ජාලයේ ආන්දෝලනාත්මක පුවතක් ප්‍රචාරයවී තිඛෙනවා.
කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවර විමින්ග්ටන් ඇවනියුහි පිහිටි මෙම භෝජන ශාලාවෙන් 25 හැවිරිදි වොට්ස් නමැති තරුණයෙකු ලබාගත් ආහාර වේලක මෙම බැදපු මීයා සිටි බව මාධ්‍ය වාර්තා පළවුණා.
ඔහු මේ සම්බන්ධව අදාළ අවන්හලේ කළමනාකරු දැනුවත් කළවිට ඔහු සමාව අයැද සිටි බවත් කියැවුණා. කෙසේ වෙතත් මේ සම්බන්ධව එරට සමාජ ජාල හරහා විශාල වශයෙන් ප්‍රවෘත්ති නිර්මාණයවීම නිසා කේ.එෆ්.සී. බලධාරීන් අමතා එරට ප්‍රධාන පෙළේ මාධ්‍ය කරුණු විමසූ විට ඔවුන්
පවසා ඇත්තේ ඒ සිටින්නේ මීයෙකු නොව බැදපු චිකන් කැබැල්ල පෙනෙන විදිහ මීයෙකු මෙන් බවකි.
එසේම තවත් මාධ්‍ය මේ ගැන කරුණු විමසන විට බලධාරීන් ලිස්සා යන්නට උත්සාහ දරා ඇති අතර මේ සම්බන්ධව කිසිවක් කිව නෙැහැකි බවත් අදාළ පාරිභෝගිකයා සිය නීතීඥයා ලවා මේ සම්බන්ධව නෛතිකව කටයුතු කරන්නට යන බැවින් සිද්ධිය ගැන කරුණු කිව නොහැකි බවත් කේ.එෆ්.සී. බලධාරීන් ප්‍රකාශ කර තිඛෙනවා.