Oct
08

ඒ අතර ආසන්න පදිංචිය, ආදි ශීෂ්‍යභාවය ඇතැම්විට වෘත්තීය මට්ටම ද සැලකිල්ලට ගැනෙනවා.
මේ කඩඉම් තරණය ලෙහෙසි පහසු නොවන නිසාවෙන් බොහොමයක් දෙමව්පියන් සිය දරුවා පාසලට ඇතුල් කිරීමට අයථා ක්‍රම සදහා යොමුවනවා.
මෙය දඩමීමාකර ගන්නා අධ්‍යාපන බලධාරින්, මුදලේ සිට ඇඟ- මස් දක්වා අල්ලස් ඉල්ලීමට පැකිලෙන්නේ නැහැ.
මේ සී.අයි.ඒ. කැමරා නෙත හසුකර ගත් එවන් සිදුවීමක්.....
ලෝක ගුරු දිනය යෙදු තිබූ ඊයේ (06) දිනයේදී මෙම විදුහල්පතිවරයා පළමුවන ශ්‍රේණියට ළමයෙකු ඇතුළත් කර ගැනීමට පැමිණි මවකගෙන් ලිංගික අල්ලස් ලබාගැනීමට ප්‍රදේශයේ ලැගුම්හලකට ගොස් තිබුණා.
කෙසේ වෙතත් ඇය මේ සම්බන්ධයෙන් මීට පෙර හිරු C.I.A. කණ්ඩායම මෙන්ම අධ්‍යාපන බලධාරින් දැනුවත් කර තිබූ අතර ඒ අනුව ඉංගිරිය - ඇළබඩ ප්‍රදේශයේ ලැගුම්හලකදී පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් විසින් විදුහල්පතිවරයා තමන් භාරයට ගත්තා.
එසේම, ලැගුම්හලේ අමුත්තන්ගේ ලේඛණයද ඔවුන්ගේ භාරයට ගෙන තිබුණේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි තහවුරු කර ගැනීම සඳහායි.
මේ වනවිට විද්‍යාලයේ පාලන කටයුතු නියෝජ්‍ය විදුහල්පතිට යටත්කර ඇති අතර, අදාළ සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණයක් පැවැත්වෙන බවයි පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විමල් ගුණරත්න කියා සිටියේ.දරුවා පාසැලට ගන්න අම්මා ලැගුම්හලට එක්කගිය විදුහල්පති මාට්ටු වුණු වීඩියෝව පහතින්.....