පසුගියදා පැවැති සුමති ටෙලි සම්මාන උළෙලේදී ජනප්‍රියම නිළිය බවට පත් වූයේ උදාරී වර්ණකුලසූරියයි. එම ජයග්‍රහණය මෙන්ම ඇගේ පෞද්ගලික ජීවිතයේද තවත් සුවිශේෂී
සිදුවීමක් වී ඇති බව උදාරී විසින් පුවත්පතකට පවසා තිබේ.
මම අම්මා කෙනෙක් වෙන්න යනවා
බිරිඳක් විදියට ලබාගන්න පුළුවන් උසස්ම සම්මානය මම මේ අවුරුද්දේ ලැබුවා. ඒ තමයි මව් පදවිය. මම අම්මා කෙනෙක් වෙන්න යනවා. මගේ වාසනාවන්තම අවුරුද්ද මේ අවුරුද්ද කියලා කිව්වොත් නිවැරදියි. ජීවිතයේ පසු තැවෙන දේවල් මට මේ අවුරුද්දෙ ලැබුණේ නැහැ. මගේ ජීවිතය සාර්ථක වුණ අවුරුද්දක්.
මේ සිද්ධිය ආරංචි වුණ ගමන්ම ගිය පන්සලට
මම උපතින්ම කතෝලික. මගේ සැමියා බෞද්ධයෙක්. මගේ මේ ආරංචිය ලැබුණ ගමන් අපි ගියෙ පන්සලට. ඒක සැමියාගේ ඉල්ලීම. මම හැමතිස්සේම මුලින් ඉටුකරන්නේ සැමියාගේ ඉල්ලීම. පන්සල් ගිහින් බුදුන් වැඳලා ප්‍රාර්ථනා කළේ නීරෝගී දරුවෙක් ලැඛෙන්න කියලා.
සැමියාගේ තාත්තා කෙනෙක් වීමේ සිහිනය මම සැබෑ කළා
මං ආසයි පුතෙකුට. මොකද සැමියා කැමති පුතෙක්ට. හැබැයි දුවෙක් ලැබුණොත් පුතෙකුට වඩා ලස්සනට අන්දවන්න පුළුවන්. සැමියාගේ තාත්තා කෙනෙක් වීමේ සිහිනය මම සැබෑ කරා කියලයි මට හිතෙන්නේ. හැමදෙයක්ම වෙන්නේ අපේ දරුවාගේ වාසනාවටයි.
සම්මානයක් ලැබීම ජීවිතයේ ලබපු ලොකු ජයග්‍රහණයක්
මට ජනප්‍රියම සම්මානය ලැබීම ගැන ඇත්තටම ගොඩාක් සතුටුයි. ජනප්‍රියත්වය කියන දෙය බලෙන් ලබා ගන්න බැහැ. මම රඟ පෑ පළමු ටෙලිනාට්‍යයෙන්ම සම්මානයකට හිමිකම් කියන්න ලැබීම ඇත්තටම මගේ ජීවිතයේ ලබපු ලොකු ජයග්‍රහණයක්. හැබැයි මට ජනප්‍රියම නිළිය සම්මානය ලැබුණා කියලා පොළවට වඩා අඩි දහයක් උඩින් ඇවිදින්න සූදානමක් නැහැ.
මම දිරිය කාන්තාවක් කියලා සැමියා කියනවා
පසුගිය කාලේ මම වංචාකාරියක් කියලා මතයක් ගොඩනැගිලා තිබුණේ. අවුරුද්දකින් ඒක පෙරළියක් වෙලා ප්‍රේක්ෂකයින්ගේ ආදරය ලැබිලා ලංකාවේ ජනප්‍රියම නිළිය බවට පත්වෙන්න ලැබුණා. ඒ නිසා සැමියා මට කියන්නේ ඔයා දිරිය කාන්තාවක් වගේම දිරිය බිරිඳක් කියලා.
පසුගිය දිනයක උදාරී විසින් කය්එ ්බා ඵමිසජ සංගීත වැඩසටහනේදී දරුවෙක් ගැන කියැවෙන ගීතයක් ගායනා කළා. එම ගීතය පහත වීඩියෝවෙන්