පැපරාසි නිවුස් ලංකා - ප්‍රකට දෙමළ ක්‍රිකට් විස්තර මාධ්‍යවේදී නුරානියා හසන් අද උදෑසන රිය අනතුරකින් මිය ගියා.ඔහු ඇතුළු මාධ්‍යවේදීන් පිරිසක් යාපනය බලා වෑන් රථයකින් යද්දී උදෑසන 4.30 ට පමණ රඹෑව ප්‍රදේශයේදී ලොරි රථයක ගැටීමෙන් මේ අනතුර සිදුවුණා.
සිද්ධියෙන් නුරානියා හසන් මහතා එතැනම මියගිය අතර මාධ්‍යවේදීන් හයදෙනෙකු අනුරාධපුර රෝහලට ඇතුළු කර තිඛෙනවා. මේ අයගෙන් තුන් දෙනෙකුටද බරපතල බව වාර්තා වනවා.
ලංකාවේ ක්‍රිකට් අසන්නන්ට නුරානියා හසන් යනු ඉතා හුරුපුරුදු නමකි. ගුවන් විදුලි සංස්ථාවේ ක්‍රිකට් විස්තර ප්‍රකාශය සිංහල හා ඉංග්‍රීසි බසින් ඕවර 5 බැගින් යද්දී වරින්වර දෙමළෙන් දැවීයාම් හා අනෙකුත් විශේෂ සිදුවීම් වාර්තා කළේ නුරානියා හසන්ය.
ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මුස්ලිම් සේවයේ අධ්‍යක්ෂවරයෙකුව කටයුතු කළ අයෙකි.
මෙම අනතුරේ සේයාරූ ඩේලිමිරර් වෙබ් අඩවිය ඉදිරිපත් කර තිබුනේ පහත පරිදිය.