Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

පැපරාසි නිවුස් ලංකා - කැමරා මගින් හසු නොවන ප්‍රදේශ මෙයින් ආවරණය කෙරේ...

කොළඹ නගරය පුරා සැරිසැරීමට CCTV කැමරා සවිකරන ලද ජංගම පොලිස් රථයක් යෙදවීමට තීරණය කර ඇති බව මෙයට පෙර ලිපියකින් අප ඔබ වෙත හෙළිකර සිටියා. එහි මුලික
වැඩකටයුතු අවසන් වී ඇති හෙයින් (17) දිනයේදී එම රථය උත්සවාකාරයෙන් කටයුතු ආරම්භ කරනු ලැබුවා.

ඒ අනුව ඉදිරියේදී දැනට ආරක්‍ෂිත කැමරා මගින් හසු නොවන ප්‍රදේශ, හදිසි ආපදා, කලහකාරී ලෙස හැසිරෙන පිරිස්, මාර්ග නීති කඩ කරන රියදුරන්ගේ දර්ශන පටිගතකොට අධිකරණයට ලබාදීමේ හැකියාවක් මෙම නවීන තාක්ෂණික පහසුකම් සපිරි රථයට හැකියාව තිබෙනවා.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන CCTV ව්‍යාපෘතියට දැනට වැය වී ඇති මුදල රුපියල් මිලියන 227 කි.

අප කලින් සඳහන් කල පරිදි මෙම රථයේ ඇති කැමරාවන් මගින් කිලෝමීටරයක් පමණ දුර නිරීක්ෂණය කල හැකි අතර මීටර් 150 ක දුර සිටින වාහනයක අංක තහඩු හදුනාගැනීමට හැකිය.

මෙවන් ජංගම CCTV රථ දෙකක ඉදිරියේදී ගෙන්වීමට නියමිත බවද වාර්තා වේ.
එම රථයේ ජයාරූප කිහිපයක් පහතින් බලන්න

CCTV ජංගම මුර රථය මගින් අමාත්‍යවරුන්ගේ මෙවන් ක්‍රීයාත් හසුවෙවිද?

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us