Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

Apr 19

පැපරාසි නිවුස් ලංකා - ඉන්දිකගේ බිරිඳත් විදේශ ගත වෙලා.
දියණිය මවගේ බාරයට අරන්...

ටෙලි නාට්‍ය නළු ඉන්දික ගිනිගේ වසර හතරක විවාහය දෙදරා ගොස් ඇති බව අපට වාර්තා වේ....

විවාහ ජිවිතයේ ඇතිවූ අර්බුදයක් හේතුවෙන් ඔහුගේ බිරිඳ මේවන විට විදේශගතව සිටින අතර ඔවුන්ගේ දියණියද මවගේ බාරයට ගෙන ඇති බව වාර්තා වේ.
ඉන්දික ගිනිගේ විවාහ වීමට ප්‍රථම සම්බන්ධතාවයක් පවත්වා තිබුනේ ටෙලි නාට්‍යය නිලි උදයන්ති කුලතුංග සමග වේ.

උදයන්ති කුලතුංග සමග පැවති සමීප ඇසුර නිමාවීමෙන් පසුව ඉන්දික ගිනිගේ විවාහ වූ අතර උදයන්ති කුලතුංග සදාකල් විවාහ නොවීමට තීරණය කොට ඇත.

මේ ඉන්දික සමග කල කතා බහක්.....

කොළඹ හොරණ පාරේ කුඹුක වලව්ව හංදියෙන් බැස ටිකක් ඇතුළට ගියාම හමුවන්නේ කුඹුක වලව්වය. එය ඉතා සුන්දර වටපිටාවක් සහිත ස්ථානයකි. කෙසේ වුවද අප මෙතරම් දුරක් ගෙවා පැමිණියේ කුඹුක වලව්ව බැලීමට නම් නොවේ.

ඉන්දික ගිනිගේ මේ පැත්තට ඇවිත් සිටින බවට ලැබුණු ආරංචිය නිසාය. ඉන්දිකව වලව්ව පරිසරය පුරාම හෙව්වත් අපට ඔහු කලා කරුවන් ගොන්න අතරින් හමු නොවුණි. පසුව ඔහු හුදෙකාලාව මෝටර් රථයක් තුළටවී සිටිනු අප දුටු වෙමු. අපි එතැනට ගොස් කතාව ආරම්භ කළේය.

ඉන්දික මොකද හුදෙකලා වෙලා…..?
ජීවිතේ හැමදාම එකවිදියට නෑ. වෙනස් වෙනවා. පසුගිය මාස හයේ මගේ ජීවිතේ ගොඩක් වෙනස් වුණා. දැන් ඒ වෙනසට හුරුවෙමිනුයි ඉන්නේ.

ගොඩක් කළකිරිල වගේ…….?
දුක් වෙලා වැඩක් නැහැ. දැන් දුක්වෙන්න අයිතියක් නැහැ. හිත හදාගන්න උත්සාහ කරනවා. මම හිත හයිය නැති මිනිහෙක්.

ඇත්තටම මොකද වුණේ..?
වසර හතරක මගේ කසාද ජීවිතේ පහුගිය පෙබරවාරි 21 වැනිදා ලිහල දැම්මා. හිතාගන්වත් බැහැ. අන්තිම මොහොත දක්වා මම උත්සාහ කරා. අපිට පොඩි දුවකුත් ඉන්නවා. එයා හරි හුරතලේට හැදුණු කෙනෙක්. මගේ දරුවගෙ අම්ම දැන් ඉන්නේ එංගලන්තේ..එයා දැන් වෙන කෙනෙකුට අයිති කෙනෙක්..

ගොඩක් කණගාටුයි..ඉන්දිකට වැරදුනාද ?
එයා මට වඩා ගොඩක් බාලයි. කෙළිලොල් වයසෙ ඉන්නෙ තාමත්. කසාදෙ කියන්නේ ඉස්කොලෙ යන කාලෙ වගෙ නෙවෙයි. ඒක බරපතලයි වගකීම් සහිතයි. මං වැරද්දක් කියන්නෙ නැහැ. ඒක එයාගේ කැමැත්ත, ආශාව නම් එයාගෙ කැමැත්තට ඉඩදෙනවා.

දුව දැන් කා ළගද ?
එයා දැන් එයාගෙ අම්ම ළග. ඔයා ගෑනු දරුවෙක්නෙ මට එයාව ඕන වෙලාවක බලන්න පුළුවන්. මේ අව්රුදු කාලෙත් මං එයා එක්ක හිටියේ.

කලාවෙන් ඉවත්වෙන්න හේතුවත් ඒකද ?
මම කලාවෙන් ඈත්වෙලා නැහැ. මගේ ඇගේ තියෙන්නෙත් කලාව. කලාව කියන්නේ සුන්දර දෙයක්. රගපාන්න මනස නිදහස් වෙන්නත් ඕන. නැත්නම් දෙබස් මතක තියෙන්නත් නැහැ. දැන් මම යථා තත්ත්වයට ඇවිත් වගේ.

මේ හැමදේකටම ටිකකට අමතක කරලා දැන් කරන කලා කටයුතු ගැන කතා කරමු…?
මේ දවස්වල කි‍්‍රස්ටි ෂෙල්ටන් ප‍්‍රනාන්දු මහත්තයගෙ ’සිටු මැදුර’ කියන නාට්‍යයේ රගපානවා. තව කරපු නිර්මාණ වගයක් තියෙනවා.

කොහොමද ක්ෂේත‍්‍රයට සම්බන්ධ වුණේ…?
මම ක්ෂේත‍්‍රයට ඇවිත් අවුරුදු 12ක් වෙනවා….මේ වන කොට ටෙලි නාට්‍ය 62ක රගපාල තියෙනවා….චන්‍ද‍්‍රරත්න මාපිටිගම මහත්තයගේ ‘ඉස්සරහ ගෙදර’ තමයි මගේ පළමු ටෙලි නාට්‍ය.

නළුවෙක් වෙන්නද හිතාගෙන හිටියේ……?
අපෝ නෑ. හැබැයි ගායකයෙක් වෙන්න නම් හිතුනා. පාසල් යන කාලේ කළේ සිංදු කියපු එකයි. පිස්සු නටපු එකයි.

ගායකයෙක් වෙන්න දැන් හිතෙන්නෙ නැද්ද ?
මම ගීත ඇල්බමයක් කරන්න හිතාගෙන ඉන්නවා. දැනටම ගීත හතරක් කරල තියෙනවා.

දැන් නිළියන්ට වඩා සැලෝන්වල ඉන්නේ නළුවෝ ඉන්දිකත් එහෙමද ?
මම නම් යන්නේ කොන්ඩෙ කපාගන්න විතරයි. මෙච්චර කාලෙකට මම කිසිම ඔප දැමීමක් කරල නැහැ.

විලාසිතාවලටත් අකමැතිද ?
එහෙම නෑ. සැහැල්ලුව ඇඳල ඉන්න තමයි කැමැති.

වර්තමාන නළු පරම්පරාව ඉන්දිකට අභියෝගයක්ද ?
අනේ නෑ. ඉන්දික ගිනිගේල ඉන්නෙ එක්කෙනයි.

ඒ දවස්වල හැදුන කටකතා ඉන්දිකගෙ ජීවිතේට බලපෑවා නේද ?
කොහෙත්ම නෑ ඒවා කටකතා විතරමයි…..ඒ අතින් එයා ඒ දේවල් තේරුම් ගත්තා….

ආයෙත් ජීවිතේ අලුතින් පටන්ගන්න හිතෙන්නේ නැද්ද ?
ආයෙ ආදරයක් ගැන හිතනවා නම් සිය දහස්වාරයක් යළිත් සිතනවා. එක පාරක් මට්ටු වුණා. මට දැන් දුවවයි අප්පච්චිවයි බලන්න ඕන. එයා තනියම ඉන්නේ.


Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us