Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

පැපරාසි නිවුස් ලංකා - මේ දිනවල වෙබ් අඩවි කලාකරුවන්ට ඉතා අසාධාරණ ලෙස ප්‍රහාර එල්ල කරනවා......රවීන්ද්‍ර රන්දෙනිය කියයි
සත්‍ය අසත්‍ය බව තහවුරු කර නොගෙන ප්‍රසිද්ධ අයකුට මඩ ගැසීම අපරාධයක්‌ යෑයි ප්‍රවීණ නළු රවීන්ද්‍ර රන්දෙණිය මහතා "දිවයින"ට ප්‍රකාශ කළේය.

ඕනෑම අයකුගේ නමකට තැපෑලෙන් පාර්සලයක්‌ පැමිණිය හැකි බවද ඇන්ජලා සෙනෙවිරත්න මහත්මිය එම පාර්සලය භාර ගනිද්දී මෙම තත්ත්වය මතුවූවා නම් වෙනම ප්‍රශ්නයක්‌ යෑයි ද රවීන්ද්‍ර රන්දෙණිය මහතා පැවසුවේය.

මේ දිනවල වෙබ් අඩවි සහ විද්යුත් මාධ්‍ය හරහා නළු නිළියන් ඇතුළු කලාකරුවන්ට ඉතා අසාධාරණ ලෙස ප්‍රහාර එල්ල කරන බව කී රවීන්ද්‍ර රන්දෙණිය මහතා කෙනකුගේ චරිතය ඝාතනය කිරීමේ අරමුණින් ඕනෑම අයකුට මෙවැනි ක්‍රියාවක්‌ කළ හැකි බවද කීවේය.

සත්‍ය අසත්‍ය බව තහවුරු කරගත් පසුව කවර හෝ කෙනකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වරදක්‌ නොවන බව කී රවීන්ද්‍ර රන්දෙණිය මහතා එවන් අයට එරෙහිව දඬුවම් දීම සාධාරණ යෑයි ද පැවසීය.

-අජිත් අලහකෝන්-

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us