පැපරාසි නිවුස් ලංකා - ජනප්‍රිය නිළියක් වන උදාරි වර්ණකුලසූරිය සිය කුළුඳුල් දරුවා ප්‍රසූත කර ඇති බව වාර්තා වනවා. මවක් වීමට පෙරුම් පුරමින් සිටි ඇයට පසුගිය මස විසිනව වනදා දියණියක් ලැබී ඇත.
උදාරි සහ ඇගේ දියණිය මේ වන විට ඉතා හොඳ සෞඛ්‍යය තත්ත්වයෙන් පසුවන බවත් පැවසෙනවා. උදාරිගේ දරුවාට 'ස' අකුරින් නමක් තබන බව උදාරී මීට පෙර පවසා තිබුණා.
සිය දරුවා ප්‍රසූත කිරීම සඳහා සිංගපූරුවට ගිය උදාරි මේ වන විට එහි සෙන්තොසා පිහිටි
නිවාස සංකීර්ණයක සිටින බවයි වාර්තා වන්නේ. තවත් මසක පමණ කාලයක් සිංගපූරුවේ ගත කොට නැවත ලංකාවට පැමිණිමට බලාපොරොත්තුවෙන් සිටින උදාරි ඉන් පසු සුපුරුදු පරිදි සිය රංගන කටයුතු සඳහා යොමුවනු ඇති.