Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

පැපරාසි නිවුස් ලංකා - තංගල්ලේ දැරිය දුෂණය කර 25කට මුදලටත් විකුණලා..රුපියල් 500, 1000, 1500, ආදී වශයෙන් මුදලට දැරිය අලෙවි කරලා..


තංගල්ල නගරයේ සංචාරක හෝටලයක්‌ තුළදී 14 හැවිරිදි පාසල් දැරියක කෙළෙසීමේ සිද්ධිය සම්බන්ධව නීතිඥවරුන් මගින් තංගල්ල ළමා හා කාන්තා

කාර්යාංශයට භාරවූ තංගල්ල නගර සභාවේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මන්ත්‍රී

අංජන ලියනගේ ඇතුළු සැකකරුවන් 5 දෙනා ලබන 17 වැනිදා හඳුනාගැනීමේ පෙරෙට්‌ටුවකට ඉදිරිපත් කරන ලෙසත් දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් තංගල්ල මහෙස්‌ත්‍රාත් යුරේෂා ද සිල්වා මෙනවිය නියෝග කළාය.

රැකියාවක් සොයා තංගල්ල නගරයට පැමිණි 14 හැවිරිදි පාසැල් සිසුවිය තංගල්ලේ හෝටල් හතරක දින හයක් තිස්සේ රඳවාගෙන පුද්ගලයන් 25 දෙනෙකුට අධික පිරිසකට අලෙවි කර ඇතැයි පොලීසිය විසින් අණාවරණය කර ගෙන තිබේ.

මෙම දැරිය හෝටල් හිමිකරුවන්, ව්‍යාපාරිකයන්, ඔවුන්ගේ පුතුන් ආදී පුද්ගලයන් වෙතින් දුෂණයට ලක්ව ඇති අතර ජාවාරම මෙහෙය වූ තැනැත්තා මෙහිදී රුපියල් 8000ක් පමණ උපයාගෙන තිබේ.

රුපියල් 500, 1000, 1500, ආදී වශයෙන් මුදලට දැරිය අලෙවි කර ඇති ජාවාරම්කරු ඇයට කිසිදු මුදලක් ලබා දී නැතැයිද හෙලිව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල නගර සභාවේ මන්ත‍්‍රීවරයෙක් ඇතුළු සිවු දෙනෙක් පොලීසියට බාර වී ඇති අතර ඔවුන් ලබන 17 වනදා හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.

සැකකාර නාගරික මන්ත්‍රීවරයා ඇතුළු සැකකරුවන් දෙදෙනකුට තංගල්ල බන්ධනාගාරය තුළදී තර්ජන එල්ල විය හැකි බැවින් ඔවුනට දැඩි ආරක්‍ෂාව සපයන ලෙස සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිශාන්ත සඳභරණ ඉල්ලා සිටියේය.

නිශාන්ත සඳභරණ, ක්‍රිෂාන්ත පුංචිහේවා, රන්ජන් විඡේසිංහ යන මහත්වරු සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ. තංගල්ල ළමා හා කාන්තා කාර්යාංශය පැමිණිල්ල මෙහෙය විය.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us