Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

පැපරාසි නිවුස් ලංකා - මාවයි නෙහාරවයි ඇතිවන තුරු පට්ට ගැහැව්වා. ඊට පස්සේ ශෙරිල් එක්ක.. 

අන්තර් ජාලයේ විවිධ මාතෘකා යටතේ ඇති වෙබ් අඩවි අතර තිබෙනවා පුවත් සඳහා වෙන් වූ වෙබ් අඩවි. ඒවාහි ප්‍රමාණය ගණන්වලින් කියන්නට බැරි තරම් අසීමිතයි. ලංකාවේද එවන් වෙබ් අඩවි ඕනෑ තරම් තියෙනවා.
මේ වෙබ් අඩවියන්ගෙන් බොහොමයක් වෙන් වී ඇත්තේ නිතර කතාබහට ලක්වන ක්ෂේත්‍රයන්හි පුවත්වලට.යම් ආරංචියක් ලැබුණ සැනින් එය ප්‍රත්‍යක්ෂ කර ගන්නට මේවා පිරික්සීමට බොහෝ දෙනා පෙළඹුණේ විශ්වාසවන්තභාවය හින්දයි. නමුත් ක්‍රම ක්‍රමයෙන් මෙම තත්ත්වය දිය වී ගියා.

මේනක වෙබ් පිටු සීල් තැබීම ගැන කතා කලේ මෙලෙසින්..

ඇත්තටම කිව්වොත් අපිට ක්ෂේත්‍රයේ විශ්වාස කරන්න පුළුවන් කිසිම කෙනකු නැහැ. තැනකට ගියාමත් කට පරිස්සම් කරගෙන තමයි මං ඉන්නේ. මාවයි නෙහාරවයි ඇතිවන තුරු පට්ට ගැහැව්වා. ඊට පස්සේ මං ශෙරිල් (අමා) එක්ක යාළුයි කියලා දැම්මා. මට ශෙරිල්ව හමුවෙලා තියෙන්නෙත් එකම එක අවස්ථාවයි.

මේවා මෙච්චර දුරදිග යන්නේ නැහැ කලාකරුවෝ එකමුතු වුණා නම්. දැන් තියෙන්නේ වෙච්ච දේවල් ගැන නොසිතා වැඩ කරන එකයි.

මාධ්‍ය විසින් කලාකරුවාව රැක ගත යුතුයි. නමුත් මෙයාලා කරන්නේ කලාකරුවාව විනාශ කරන එක. කලක් ගත වී හෝ අසත්‍ය ප්‍රචාර ජනතාවට ගෙන ගිය වෙබ් පිටු සීල් තැබීම කාලෝචිත ක්‍රියාවක්.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us