Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

පැපරාසි නිවුස් ලංකා - මේ වෙබ් සයිට්වලින් කරන්නේ ලෝක විනාසය වනවාට සමාන ක්‍රියාවක්..නිවැරැදි අපට කරපු දේ පඩිසන් දුන්නා දමිතා...


බොහෝ පිරිසකගේ චරිතවලට නොමැකිය හැකි කළු පැල්ලම් එල්ල කරමින් වෙබ් අඩවි ජනප්‍රිය වුණා. උද්ගත වී ඇති වාතාවරණය ඉවසා ගත නොහැකි මොහොතක ඒ පුවත් වෙබ් පිටුවල චරිත කප්පාදුවට හසු වූ ඇතැමෙක් මේවාට විරුද්ධව යුද ප්‍රකාශ කළා.

අදාල පුද්ගලයින් ද ඒ පැමිණිලි වග විභාග කොට එම වෙබ් අඩවි කිහිපයකට සීල් තබනු ලැබුවා. ඒ පුවත නම් අන්තර් ජාලයේ කිසිදු වෙබ් අඩවියක සඳහන් වූයේ නැහැ. මේ තත්ත්වය සහ එම වෙබ් පිටු පිළිබඳ දමිතා අබේරත්නගේ අදහස්.

අවස්ථා ගණනාවකදී මා සම්බන්ධ කරලා හරිම අසත්‍ය තොරතුරු මේවා හි පළ කරනවා. මං හැකි පරිදි ඒවාට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ග ගත්තා. අපටත් කියලා පුද්ගලික ජීවිතයක් තියනවා. මම නම් කියන්නේ අපේ කලා ජීවිතය පැත්තෙන්.

ඒ කිව්වේ රඟපෑමේ හෝ ගායනයේ අඩුපාඩුවක් තියෙනවා නම් ඒවා දැම්මට කමක් නැහැ. ඒත් මං ගැන තිබුණේ ඒ වගේ තොරතුරු නොවේ. මගේ පුද්ගලිකක ජීවිතය සම්බන්ධ කරපු පට්ටපල් බොරු. මං හිතන්නේ ඔය අපිට කරපු දේවල් තමයි පඩිසන් දීලා තියෙන්නේ. තවත් මඩ වෙබ් සයිට් තියනවා. ඒවාටත් මේ කල දවසම උදා වේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us