පිරිමි දරුවෝ තිදෙනෙක් ගැහැනු දරුවෝ දෙදෙනෙක්...
පස් නිවුන් දරුවන් බිහිවූ දෙවැනි අවස්ථාව මෙයයි...
දරුවන්ගේ පියා සමාගම් විධායක නිලධාරියෙක්...
කෑගල්ලේ පදිංචි 29 හැවිරිදි වියේ පසුවූ ඩිලිනි රසාංගි ශ්‍යාමනී මහත්මිය, මහනුවර රෝහලේදී අද (15) අලුයම 4.00 ට පමණ පස් නිවුන් දරුවන් බිහිකළාය.
සීසර් සැත්කමින් පිරිමි දරුවෝ තිදෙනෙක්ද
ගැහැණු දරුවෝ දෙදෙනෙක්ද අට මාසයෙන් මෙලොව එළිය දුටහ.
එම දරුවන්ගේ පියා සමාගම් විධායක නිලධාරියෙකු වන ශිලන්ත විජේපාල මහතාය.
මව සහ බිළිඳුන් සියලු දෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බව සැත්කම සිදුකල ශල්‍ය වෛද්‍ය මහාචාර්ය කමල් ගුණවර්ධන මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ පස් නිවුන් දරුවන් බිහිවූ දෙවැනි අවස්ථාව මෙයයි.
ජනාධිපති ආරක්‍ෂක අංශ නිලධාරයෙකුගේ බිරියක මීට පෙර පස් නිවුන් දරුවන් බිහිකළාය. එහිදී ද වෛද්‍යවරයා වුණේ මහාචාර්ය ගුණවර්ධන මහතාය.