ජනප්‍රිය චරිත අතර විනූගේ ආදරය ඉල්ලපු අය ඉන්නවා
විනූ උදානි සිරිවර්ධන හා හා පුරා අප දැන හඳුනා ගත්තේ දෙරණ මිස් ශ්‍රී ලංකා තරගය හරහා. ඉන්පසුව ඇය නිළිකමට එකතු වුණා.
මේ දවස්වල දෙරණ නාලිකාව හරහා සතියේ දින පහේම රාත්‍රී 8.30 ට විකාශය වන පිපෙන මල් ටෙලිනාට්‍ය තුළින් නිළියක් වූ විනූ වෙළෙඳ දැන්වීම් හා ගීතමය රූප රචනා හරහාත් අපට හමුවනවා.
මේ අතරතුරේ ඇය පිළිබඳ අලුත්ම ආරංචියක් තිඛෙනවා. ඒ තමයි විනූ නොවැම්බර් මස අගදී චීනයේ පැවැත්වෙන සංචාරක රූ රැජින තරගයට පිටත්වීමට සූදානම් වන බව.
දෙරණ මිස් ශ්‍රී ලංකා 2012 තරඟයේ පළමුව ජයග්‍රාහිකාව ලෙස විනු සිරිවර්ධන නම් කොට කිරුල ලබාදී පසුව ගණිතමය දෝෂයක් නිසා ප්‍රතිඵලය වැරදි ගොස් ඇති බව කියමින් සුමුදු ප්‍රසාදිනී හට කිරුල ලබාදුන් අලකලංචියක් මීට පෙර අප වාර්තා කළා.
නමුත් ලෝක රූ රැජින තරඟයට එක රටක් නියෝජනය කරමින් තරඟකාරියන් දෙදෙනෙකුට ඉදිරිපත් වීමකට නොහැකි බැවින් චීනයේ පැවති "මිස් වර්ල්ඩ් 2012" සඳහා චීනය බලා පිටත්ව ගියේ සුමුදු ප්‍රසාදිනී ය.
තවත් සති දෙකකින් චීනයේ පැවැත්වෙන "2012 සංචාරක රූ රැජින" තරඟය සඳහා විනූ සිරිවර්ධන මේ වනවිට සූදානමින් සිටිනවා.
චීනයේ නැන්ජින් නුවර නොවැම්බර් 15 වෙනිදා සිට පැවැත්වෙන එහි අවසන් තරඟය පැවැත්වෙන්නේ දෙසැම්බර් 4 වෙනිදාය.
2011 වසරේ දෙසැම්බර් මාසයේ චීනයේ පැවති සංචාරක රූ රැජින හෙවත් "මිස් ටුවරිසම් ක්වීන් ඉන්ටර්නැෂනල්" තරඟය සඳහා ලංකාව නියෝජනය කරමින් පිටත්ව ගියේ පුෂ්පිකා සඳමාලි ය.
එම තරඟාවලියේදි පුෂ්පිකා බිකිනියෙන් සැරසී සිටීම නිසා ඇයට සිරි දළදාගමණය චිත්‍රපටයේ හේමමාලා කුමරියගේ චරිතයද අහිමි වුණා.
මෙවර සංචාරක රූ රැජින තරඟාවලිය සඳහා පිටත්ව යන විනූ සිරිවර්ධන පවසන්නේ එම තරඟාවලියේ "මිස් ටැලන්ටඩ්" හා "මිස් ෆ්‍රෙන්ඩ්ලි" අංශයේ කිරුල හිමි කරගැනීමට ඇය බලාපොරොත්තුවෙන් සිටින බවයි.
මුලින්ම අපි සංචාරක රූ රැජින ගැන කතා කරමු
චීනයේ නැන්ජින් නුවරදී 18 වන වතාවට සංචාරක රූ රැජින තරගය පැවැත්වෙනවා. රටවල් 80 ක තරගකාරියන් ඒ සඳහා සහභාගි වීමට නියමිතයි. මම ඒ තරගයට යාමට මේ දිනවල සූදානම් වනවා. ඔය අතරේ ජර්මනියේ පැවැත්වෙන රූ රැජින තරගයකටත් සහභාගි වෙන්න අවස්ථාව උදාවුණා. ඒත් තරග දෙකම තියෙන්නේ එකම කාලයක නිසා සහභාගි වන්නට සිදුවන්නේ සංචාරක රූ රැජින තරගයට පමණයි. අනෙක් තරගය ප්‍රතික්රෑෂේප කරන්න සිදුවුණා.
දැඩි ආත්ම විශ්වාසයකින්ද තරගයට සූදානම් වන්නේ...?
ඇත්තෙන්ම ඔව් මේ තරගයට සහභාගි වන රටවල් 80 ක තරගකාරියන් ගැන තොරතුරු මම අන්තර්ජාලය හරහා අධ්‍යයනය කළා. තරගයේ කිරුළට අමතරව මිනි ටයිටල් 13 ක් දෙනවා. ඒ අතරින් මිස් ටැලන්ට් සහ මිස් ෆ්‍රේන්ඩ්ලි කියන මිනි ටයිටල් දෙක පිළිබඳව බලාරෑපොරොත්තුවක් මගේ හිතේ තියෙනවා.
ඒ තරම් විශ්වාසයක් ඇතිකර ගත්තේ කොහොමද?
මම රවිබන්දු විද්‍යාපති මහතා යටතේ උඩරට නර්තනයන් පුහුණු වනවා. මගේ දක්ෂතා ගැන මට විශ්වාසයි. ඒ හින්දා මිස් ටැලන්ට් කියන මිනි ටයිටල් එක ගැන බලාරෑපොරොත්තුවක් තියෙනවා. ශ්‍රී ලංකාවේ මිනිස්සු හරිම සුහදශීලීයි කියලා ලෝකයම පිළිගන්නවා. පෞද්ගලිකව මමත් ගොඩක් සුහදශීලී කෙනෙක් ඒ හින්දා ‘මිස් ෆ්‍රෙන්ඩ්ලි‘ මිනි ටයිට්ල් එක ගැනත් බලාරෑපොරොත්තු තියෙනවා.
තරගය නිසා රඟපෑමෙන් තාවකාලිකව ඈත් වන්න සිදුවේවි නේද?
මෙය පවත්වන්නට නියමිතව තිබුණේ ඔක්තෝබර් මාසයේ. නමුත් කල්ගියා. ලැබුණු ආරාධනාත් ප්‍රතික්රෑෂේප කළේ තරගය නිසා. පිපෙන මල් මගේ රූගත කිරීම් ඒ කාලය තුළ තාවකාලිකව නතර කළා.
විනූගේ රංගන ජීවිතය ගැනත් කතා කරමු......
දෙරණ මිස් ශ්‍රී ලංකා තුළින් පැමිණි මට දෙරණ හරහාම නිළියක් වෙන්න ලැබිම ලොකු සතුටක් පිපෙන මල් ටෙලි නාට්‍යයේ පාරමීගේ චරිතයට ලොකු ප්‍රතිචාරයක් ලැඛෙනවා. ගීතමය රූප රචනා හා වෙළෙඳ දැන්වීම් කිහිපයකුත් කළා.
අලුත්ම රංගනය
තුෂාරා චිත්‍රපටයේ ජෝතිපාල ගායනා කරන හෝ හෝ තුෂාරා ගීතය නවක ගායක ශිල්පියකු ගායනා කළා. ඒකේ රූප රචනයේ මම රඟපානවා. චිත්‍රපටයේ මාලිනි ෆොන්සේකා රඟපෑ චරිතය රූප රචනයක් තුළත් රඟපාන්න ලැබිම ගැන සතුටුයි.
ඔබව ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙකුගේ දැවැන්ත නිර්මාණයකට තෝරාගත් බව විනූ කලින් වතාවක පැවසුවා.
ඔව්, ඒත් යම් යම් හේතු මත එය සිදුවුණේ නැහැ. දැන් ඒ චරිතයට වෙනත් නිළියක් යොදාගෙන ඇති බව ආරංචියි. ඉදිරියේ දී හොඳ චිත්‍රපටයකට ආරාධනා ලැබුණොත් භාර ගන්නවා.
පූර්ණකාලීනව කලාව තුළමද නියැළිලා ඉන්නේ..?
දැනට නම් එහෙම තමයි .
ඉදිරියේ දී ඒ තත්ත්වය වෙනස් වේවිද?
ඉදිරියේ දී මගෙ උසස් අධ්‍යාපන කටයුතු ආරම්භ කරන්නට හිතාගෙන ඉන්නවා.
ආදරය ගැනත් කතා කරමු
(හිනැහි) දැනට මව්පියන්ගේ ආදරය ලැඛෙනවා. ඉන් එහා ආදරයක් ජීවිතයට ලැබුණු දාක කියන්නම්.
විනූගෙ ආදරය අපේක්ෂා කරන අය ඉන්නවද?
(හිනැහි) දුරකතනයෙන් කතා කරලා. ඒ විදියේ යෝජනා ගෙනෙන අයත් ඉන්නවා. සාමාන්‍ය ජීවිතයේ කටයුතු කරද්දී යෝජනා ගෙනෙන අයත් ඉන්නවා. ඒත් තවම මම ඒ කාටවත් ආදරය ප්‍රකාශ කරල නැහැ.
ජනප්‍රිය චරිත අතර විනූගේ ආදරය ඉල්ලපු අය නැද්ද?
(හිනැහි) ඉන්නවා
නළුවෙක්ද? ගායකයෙක්ද?
(හිනැහි) නළුවෙක් වෙන්නත් පුළුවනි. ගායකයෙක් වෙන්නත් පුළුවනි.
විනූගේ ජායාරූප එකතුවක් පහතින් බලන්න
සාකච්ඡාකළේ -ආරියවංශ කුලතිලක