Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

භාරත ඝාතන නඩුව තුළ නඩු නිමිති දෙකක්‌ අන්තර්ගතව තිබීම වැදගත්ම විශේෂත්වය බවත්, දුමින්ද සිල්වාට වෙඩි තැබීම ඒ අතරින් එක්‌ නඩුවක්‌ බවත්, දැනට භාරත ඝාතනයේ ප්‍රධාන සැකකරු බවට නම්කර සිටින දුමින්ද සිල්වාට පළමු වෙඩිල්ල තැබුවේ දහසය වැනි සැකකාර රාඡ්පුරගේ ගාමිණී බව පැහැදිලිව කියා සිටින බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුව ඊයේ (30 දා) විභාගයට ගත් අවස්‌ථාවේ එම ඝාතනයේ ප්‍රධාන සැකකාර දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා ප්‍රකාශ කළා.

කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් ප්‍රසන්න අල්විස්‌ මහතා හමුවේ මෙම පැමිණිල්ල විභාගයට ගත්තා.
පසුගිය 2011 පළාත් පාලන මැතිවරණය දින කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රදේශයේ වල්පොල හන්දිය ආසන්න සිරිමාවෝ බණ්‌ඩාරනායක පුස්‌තකාලය අසලදී භාරත - දුමින්ද දෙපාර්ශ්වය අතර හටගත් ගැටුමකින් පසුව සිදුවූ වෘත්තීය සමිති කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිදුවු පුද්ගල ඝාතනයන් හා කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට වෙඩි වැදී තුවාල සිදුවීම යන සිද්ධීන්වලට අදාළව මෙම පැමිණිල්ල විභාගයට ගැනෙනවා.

මෙම අපරාධය සම්බන්ධව රහස්‌ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන දැනට රක්‌ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 16 දෙනකු බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට කැඳවා ගෙන එනු ලැබුවා.

පැමිණිල්ල කැඳවූ අවස්‌ථාවේ 3 වැනි සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක මෙරිල් රංජන් ළමා හේවා මහතා සමග අධිකරණය හමුවේ පෙනී සිටි සහකාර පොලිස්‌ අධිකාරි ශානි අබේසේකර මහතා ගැටලුසහගත කරුණු කිහිපයක්‌ තිඛෙන නඩුවක්‌ වශයෙන් මුලසිටම ගරු අධිකරණයේ විනිසුරුතුමාගේ එකගත්වය ඇතිව අපරාධ විධිවිධාන සංග්‍රහයේ 393 වගන්තිය යටතේ සෑම අවස්‌ථාවකදීම නීතිපති උපදෙස්‌ පැතූ බව සඳහන් කළා.

භාරත ඝාතනයෙන් අගතියට පත් ඒ මහතාගේ ඥතීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා - මේකෙ එකම ගැටලුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන දුමින්ද සිල්වා මහතා මේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වෙච්ච එකයි. මේක දේශපාලනය ගෑවිච්ච නඩුවක්‌.

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා - අනෙක්‌ ප්‍රශ්නය තමයි භාරත මහත්තය මියගිය එක. මෙතන දේශපාලනයක්‌ නැහැ. ඒ ප්‍රකාශය අනවශ්‍ය දෙයක්‌. මේ නඩුවේ සාක්‌ෂි සටහන් තිහකින්ම කියෑවෙන්නෙ දුමින්ද සිල්වා තමයි මේ නඩුවේ වින්දිතයා කියන එක. ඊට පැහැදිලි සාක්‌ෂි තියෙනවා.

සැකකාර ආර්. ගාමිණී වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජගත් අබේනායක මහතා - ස්‌වාමිනී අපේ සේවාදායකයාට විශාල අසාධාරණයක්‌ සිදුව තිඛෙනවා මේ නඩුවේ සැකකරුවකු වීම තුළින්. සේවාදායකයා ඉතාම දුප්පත් කෙනෙක්‌. ස්‌ත්‍රීන් පැහැරගෙන ගියා කියල හෝ ස්‌ත්‍රී දූෂණ සිදුකළා කියල හෝ ප්‍රසිද්ධ ස්‌ථානවල කාටවත් අඬන්තේට්‌ටම් කළා කියල හරි අධිකරණයක නඩු පවරලා නැහැ. ඔහු තමන්ගේ රාජකාරිය අකුරටම කළ අයෙක්‌.

මගේ සේවදායකයාට සිදුව ඇති අසාධාරණය ගැන ඔබතුමාගේ අවධානය යොමුකරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා - මේ නඩුව තුළ නඩු නිමිති දෙකක්‌ අන්තර්ගතව තිඛෙනවා ස්‌වාමිනී. දුමින්ද සිල්වාට වෙඩි තැබීම එක නඩුවක්‌. ඒ නඩුවේදී මම පැහැදිලිවම කියා සිටින්නේ ඔහුට ප්‍රථම වෙඩිල්ල තැබුවේ රාඡ්පුරගේ ගාමිණී යන අයයි. මුල් අවස්‌ථාවේම විනාඩි දෙක තුනක්‌ ඇතුළත දුමින්ද සිල්වාට වෙඩි වැදුණා. එහෙත් දුමින්ද සිල්වා වෙඩි තැබූ බවට කිසිම සාක්‍ෂියකින් ප්‍රකාශ වෙලා නැහැ.

නීතිඥ ජගත් අබේනායක මහතා - රාඡ්පුරගේ ගාමිණී වෙඩි තැබූ බවට කිසිම සාක්‌ෂියක්‌ නැහැ ස්‌වාමිනී.

නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා - ස්‌වාමීනි, වෙඩි තබන්න යෑයි දුමින්ද සිල්වා තමන්ගේ ආරක්‍ෂකයාට කී බව සාක්‍ෂිවලින් ප්‍රකාශ වී තිඛෙනවා.

මෙහිදී වැඩිදුර විභාගය කල්තැබූ විනිසුරු ප්‍රසන්න අල්විස්‌ මහතා ඉදිරි ප්‍රගති වාර්තා ඊළග නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට නියම කරමින් සියලුම සැකකරුවන් නොවැම්බර් මස 06 දින දක්‌වා තවදුරටත් රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළා.

විත්ති පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, නීතිඥ වීරසේන රණහේවා යන මහත්වරුද පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් උපුල් කුමාරප්පෙරුම හා ජගත් අබේනායක යන මහත්වරුද පෙනී සිටියා.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us