ඡායාරූපයේ දැක්වෙන්නේ ජලයට යටවුණ උමං මාර්ගයක සිටින කිමිදුම්කරුවෙකු පරීක්ෂා කරන අන්දමයි..
ඇමරිකිවේ වාණිජ අග නගරය වන නිව්යෝර්ක් නුවර අද පාළුවට ගියේය.
සුළි කුණාටුවත් සමග ඇතිවූ මුහුදු හා ජල මාර්ග ගොඩ ගැලීමෙන් නිව්යෝර්ක් නුවර ගංවතුරක් ඇති විය. ලක්ෂ පහකට පමණ විදුලිය නැති විය.
බැල්ටිමෝර්, ෆැලැඩෙල්ෆියා හා වොෂින්ටන් මේ කුණාටුවේ ගමන් මග බව කාලගුණ විද්‍යාඥයෝ කියති. එම ප්‍රදේශවලට දැඩි හිමපතනයක් ඇති විණි. දුම්රිය හා බස් සේවා ද පෙර දින සිටම නතර කර තිබිණි.
අඩි 13ක් උසට වතුර ගලා ආවේය. පාසල් වසා ගුවන් ගමන් 14000ක් අවංලගු කැරිණි.
පහළ මැන් හැට්න් පාරවල බෝට්ටුවල නැගුණු සහන සේවකයෝ විපතට පත්වූවන් මුදා ගැනීමට යුහුසුළු වූහ. නිව්යෝර්ක් නුවර මරණ දෙකක් වාර්තා විය. තට්ටු අනූවක සුපිරි මහල් නිවාසයක් කඩා වැටෙතියි බියෙන් එහි නේවාසිකයෝ ඉවත් කරනු ලැබූහ. ජනාධිපතිවරණයට දින නවයක් තිබියදී ඇතිවූ මේ ව්‍යසනයත් සමග ජනපති බරක් ඔබෝමා සහ ඔහුගේ ප්‍රතිවාදී මිට් රෝම්නි සිය ඡන්ද කටයුතු නවතා දැමීය.
නිව්යෝර්ක් කොටස් වෙළදපලද වසා දැමිණි. මීට පෙර එය වසා දැමුණු ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ත්‍රස්ථවාදී ප්‍රහාරයක් එල්ල වුණු දවසේය.
මේ කුණාටුවෙන් ඇමරිකාවට ඩොලර් කෝටි 2000ක් (රුපියල් කෝටි 264000) ආර්ථික පාඩුවක් ඇති වෙතියි ගණන් බලා තිබේ.
‘Sandy’ නම් අති දැවැන්ත සුළිකුණාටුව මිලියන ගණනාවකට අධික ජනතාවකට හානි පමුණවමින් අමෙරිකානු නැගෙනහිර වෙරළට ලඟා වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සැන්ඩි සුළි කුණාටුව නිව් ජර්සි වෙරළින් ඇමෙරිකාවට ඇතුළුවීමත් සමග දැඩි සුළං සහ වර්ෂාපතනයක් හටගැණින. තවමත් වැසි සහ සුළං පවතින බව, ඇමෙරිකා වාර්තා සඳහන් කරයි. මේ වන විට වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ, මැන්හැට්න් ප්‍රදේශටයි. මැන්හැට්න් ජලයෙන් යටවීමත් සමග එහි සිටි පිරිස් ඉවත් කිරීම සඳහා සහන සේවා ආරම්භ කර තිබේ.
එහිදී ඇති විය හැකි තද සුළං, විදුලිය ඇන හිටීම්, ගංවතුර තත්වයන්, තද වැසි පිළිබඳව හා හිම පතන පිලිබඳව නිව්යොර්ක් හා ඒ අවට ජනාකීර්ණ ප්‍රදේශවලට ජනතාව දැනුවත් කර මෙම සැඩ සුළං තත්වයෙන් ආරක්ෂාවීමට ප්‍රදේශය අතහැර යන ලෙස ජනතාව දැනුවත් කර ඇත.
ජනපති ඔබාමා විසින් මෙම ආපදා තත්වය හදිසි තත්වයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර එරට කාලගුණ විද්‍යාඥයන් ප්‍රකාශ කරනුයේ මෙම කුණාටු තත්වය චන්ඩ මාරුතයක් බවට පත්විය හැකි බවත් හිම පතනයත් සමඟ අඟල් 12ක් පමණ තද වර්ෂාවක් ඇති විය හැකි බවය.
මෙම අනතුරට භාජනය විය හැකි පිරිස මිලියන 50ක් 60ක් අතර ප්‍රමාණයක් වන බවටද අනාවැකි පළ කර ඇත. සුළෙඟ් වේගය පැයට සැතපුම් 75ක වේගයෙන් හමා ගියද පසුව පැයට සැතපුම් 105 ඉක්මවූ වේගයකට පත්වනු ඇති බවත් එම වාර්තා පෙන්වා දෙයි.
එසේම මෙම තත්වය පෙන්සිල්වේනියා ප්‍රදේශයට පැතිර යා හැකි බවට තව දුරටත් ඔවුන් අනාවැකි පළ කර ඇත.
නිවියෝර්ක්, නිව් ජර්සි හා ඩෙලවෙයාර් යන ජනපද පෙදෙස් මීට අයත් අතර තවත් ජනපද 10ක හදිසි තත්ත්වයන් ප්‍රකාශයට පත්කර ඇත. චණ්ඩ මාරුතය හමා යන ප්‍රදේශයේ මීටර් 1.8- 3.3 දක්වා උසට දළරළ නැගෙනු ඇතැයිද මෙය ජීවිත තර්ජනයට හේතුවිය හැකියැයිද අනතුරු ඇඟවී ඇත.